ජනාධිපති කාර්යාලයේ සේවය කරන කාර්ය මණ්ඩලවල දෙසීයකට ආසන්න පිරිසකගේ කොවිඩ් 19 වෛරසය ආසාදනයවීම සම්බන්ධ පරීක්ෂාවට (PCR ) යොමු කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.
එම ආරංචි මාර්ග ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එම කාර්යය මණ්ඩල සෙම පටල වෛද්‍ය පර්යේෂණ ආයතනය (,MRI) වෙත අද (16) යොමු කර තිබේ.
රජයේ කාර්යාල කාර්යාල ආරම්භ කිරීමට පෙර ඒවායේ සේවක පිරිස් PCR පරීක්ෂාවට යොමු කිරීම ට ආණ්ඩුව තීරණය කර ඇති අතර ඒ අනුව මෙම පරීක්ෂාව සිදු කර ඇති බවත් අනතුරුව අගමැති කාර්යාලයේ ද සේවක මණ්ඩල මෙසේ පරීක්ෂාවට යොමු කරනු ඇති බවත් ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.
තව ද එම ආරංචි මාර්ග පවසා සිටියේ ඇමරිකානු ඩොලර් 393191 ක වටිනාකමින් යුතු PCR පරීක්ෂණ කට්ටල, අත් වැසුම්, මුඛ ආවරණ ඇතුළු වෛද්‍ය සැපයුම් තොගයක් හෙට (17) දිනයේ දී මෙරටට ළඟා වන බව යි.
PCR පරීක්ෂණ කට්ටල 20016 ක් සහිත ඒ උපකරණ චීන රජයේ පරිත්‍යාගයන් වන බවත් එහි රැගෙන එන ගුවන් යානය ෂැංහයි නුවර සිට පැමිණෙන බවත් ඉහත ආරංචි ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට පෙර ද චීනයෙන් PCR කට්ටල 20064ක් මේ රටට පරිත්‍යාග කළ බවත් එම ආරංචි මාර්ග පවසයි.

