ඉදිරිි දින කිහිපය ඇතුළත සියලුම පක්ෂ මහලේකම්වරුන් සහ නියෝජිතයන් හමුවී මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඊට පෙර මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් එළඹෙන 20 වනදා පැවැත්විමට නියමිතව තිබේ.
රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ එදින පෙරවරුවේ මෙම රැස්වීම පැවැත්වෙන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මීට අමතරව සියලුම සෞඛ්‍ය අධිකාරීන්ද කැදවා මැතිවරණයක් පැවැත්වීම සදහා උචිත තත්ත්වයක් රට තුළ පවතිනවාද යන්න සම්බන්ධයෙන් ද විමසා බැලීමටද මැතිවරණ කොමිසම තීරණය කර ඇති බව වාර්තා වේ.
කලින් සැලසුම් කළ පරිදි ආණ්ඩුව මහමැතිවරණයට සූදානම් වන බවට වාර්තා පළවීමත් සමග මැතිවරණ කොමිසම මෙම පියවර ගෙන ඇති බවටත් වාර්තා පළවෙයි.
කෙසේ වෙතත් මැතිවරණය මැතිවරණය කඩිනමින් පැවැත්වීමට සූදානම් වීම සම්බන්ධව විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම පාහේ එහි දැනටමත් විරෝධය පළ කර ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ ඕනා වසංගතය පාලනය කර ගැනීමෙන් පසුව මැතිවරණය පැවැත්විය යුතු බවත් නැතහොත් රටේ බරපතළ තත්ත්වයක් මතුවීමේ අවදානමක් තිබෙන බව ය.

