කොරෝනා අස්සේ මනාප හොයා පිස්සු කෙළින : වියත් මගෙන් පැමිණි මහනුවර අපේක්ෂකයා !

කොරෝනා අස්සේ මනාප හොයා පිස්සු කෙළින : වියත් මගෙන් පැමිණි මහනුවර අපේක්ෂකයා !
ශ්‍රී ලංකා පොදුජන  පෙරමුණේ  මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක වසන්ත යාපා බණ්ඩාර නම්  තැනැත්තා ඇඳිරි නීතිය සමයේ ජනතාව ඒකරාශි වන ආකාරයෙන් ඇට වර්ග බෙදීම ඇතුළු සමාජ දුරස්ථභාවය උල්ලංඝනය වන ආකාරයට ප්‍රසිද්ධියේ හැසිරෙමින් සිටී.
 
එකී අවස්ථා සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රසිද්ධ කිරීමට ඔහු කටයුතු කර ඇත.
 
 වසන්ත යාපා බණ්ඩාර නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂකයෙකු පමණක් වන අතර වියත්මග සංවිධානය නියෝජනය කරමින් එකී නාම යෝජනා අවස්ථාව ලබා ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
 
මහනුවර දිස්ත්‍රික්කය කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම  සම්බන්ධව අධි අවදානම් කලාපයක් ලෙස නම් කර ඇති අතර ඒ හමු වේ ඇඳිරි නීතිය පවා නොතකමින් පොදු ජන පෙරමුණ, වියත් මග  අපේක්ෂකයා මෙසේ කටයුතු කරන්නේ කෙසේද යන්න බොහෝ දෙනකු ප්‍රශ්න කරමින් සිටියි.
 
මොහු වෘත්තියෙන් උපකාරක පන්ති ගුරුවරයකු පමණක් වන අතර හිටපු ජනතා නියෝජිතයකු ද නො වේ.
 
මෙහි දී පැන නගින තවත් ප්‍රශ්නයක් වන්නේ සමාජ මාධ්‍ය තුළ සටහනක් තැබූ පමණින් ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් වූ සමාජ මාධ්‍ය කරුවන් සිටියදී අධි අවදානම් ප්‍රදේශයක අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කරමින් සිටින මෙවැන්නන් නිදහසේ හැසිරීමය.
 
කොවිඩ් 19  අධි අවධානම් කලාපයක ආර්ථික විද්‍යා ටියුෂන් කාරයෙකුට වසංගත රෝග මර්දනය කල හැකිද?
 
මිනිස්සුන් රැස් කිරීම මේ මොහොතේ නොකල යුත්තේ ඒ මිනිසුන්ගේ ජීවිත ගැන අපට ඇති වගකීම නිසාය. නමුත් මේ  පොදුජන පෙරමුණ අපේක්ෂකයා සිදු කරමින් සිටින්නේ කුමක්ද ? ඔහු මෙසේ තම අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කරන්නේ  හුදු පෞද්ගලික ලාභයකට මිස  සද්භාවයෙන් නම් නොවන බව පැහැදිලි ය.
 
එබැවින් වියත් මග නොව වෙන අහවල් මගකින් පැමිණිය ද මොවුන්ගේ  දේශපාලන මඟ ඇහිරීම පුරවැසි යුතුකම ය.

Screenshot 20200416 112109 com.facebook.katana

Screenshot 20200416 142504

FB IMG 1587027316963

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න