මෙරට කොවිඩ් 19 ආසාදිතයන් 210 යි : නිරෝධායන පනතත් සංශෝධනය වෙයි

මෙරට කොවිඩ් 19  ආසාදිතයන් 210 යි : නිරෝධායන පනතත් සංශෝධනය වෙයි

මෙරට කොවිඩ් 19  වෛරසය  ආසාදිත මුළු සංඛ්‍යාව 210 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

අද (12) රාත්‍රී වන විට තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේය.

ඒ මේ වන  විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 56 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

 නිරෝධායන පනත සංශෝධනය වෙයි !

 මේ අතර  නිරෝධායන හා රෝග ස්පර්ශකය වෙන්කර තැබීමේ හා රෝග වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට රජය පියවර ගෙන ඇත.

සෞඛ්‍ය අමාත්‍යවරියගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් සිදුකර  ඇති එකී  සංශෝධන අනුව  කොවිඩ් 19 රෝගය වැළඳී මිය ගිය අයෙකුගේ දේහය සම්බන්ධව කටයතු කළ යුතු ආකාරය පෙන්වා දී තිබේ. 

 ඒ අනුව එවැනි මෘත දේහයක් සෙල්සියස් අංශක 800 ත් සෙල්සියස් අංශක 1200 ත් අතර උෂ්ණත්වයකදී  විනාඩි 45 සිට පැයක කාලයක් ආදාහනය කළ යුතුය.

කොවිඩ් 19 රෝගය වැළඳී මිය ගිය අයෙකුගේ අවසන්  කටයුතු සෞඛ්‍ය බලධාරින්ගේ භාරයේ සිදුවිය යුතු අතර වෙනත් කිසිදු තැනැැත්‍තෙකුට භාරදිය නොහැක.

එමෙන්ම ඥාතින් ඉල්ලා සිටින්නේ නම් දේහය ආදාහනය කිරීමෙන් පසුව භෂ්මාවශේෂ බාරදිය හැකිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න