දේශපාලන න්‍යාය පත්‍රවලට යටවෙන්න එපා : තරුණ දේශපාලන ක්‍රියාකාරීන් මැකෝගෙන් ඉල්ලයි !

දේශපාලන න්‍යාය පත්‍රවලට යටවෙන්න එපා : තරුණ දේශපාලන ක්‍රියාකාරීන් මැකෝගෙන් ඉල්ලයි !
සමහර දේශපාලනඥයින්ගේ දේශපාලන න්‍යාය පත්‍ර අනුව මේ කඩි මුඩියේ මහ මැතිවරණක් පැවැත්වීම සඳහා එල්ල විය හැකි සියළුම ආකාරයේ පීඩනයන්ට යට නොවන ලෙසත් එසේම මැතිවරණ දිනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර සෞඛ්‍ය ක්ශේත්‍රයේ වගකිවයුතු පාර්ශ්ව වෙතින් ඒ සඳහා අත්‍යවශ්‍ය නිර්දේශ ලබාගන්නා ලෙස විපක්ෂයේ තරුණ දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් මැතිවරණ කොමිසම වෙතින් ඉල්ලා ඇත.
 
ඒ බව අවධාරණය කරන ලිපියක් ද මැතිවරණ කොමිසම වෙත යොමුකර සිටීමටත් ඔවුන් ක්‍රියාකර ඇති අතර නාමල් විජේමුනිසොයිසා, රසික ජයකොඩි, ලිහිණි ප්‍රනාන්දු, චරණ කනංකේගමගේ, ධනුෂ්ක ප්‍රනාන්දු ඊට අත්සන් තබා ඇත.
 
මුලු ලොවම වෙලාගෙන ඇති වසංගත අනතුර නවී ගිය පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව නිතැතින් ම සැලසෙන බව තම  විශ්වාසය බවත්  රටම කබලෙන් ලිපට වැටි ඇති වියවුල් සහගත අවස්ථාවක මැයි මාසය අවසන් වීමට පෙර කෙසේ හෝ මහ මැතිවරණය පැවැත්වීමට උත්සාහ දැරීම කිසිසේත්ම ජනතාවාදී නොවන බවත්, එය ජනතාවගේ ආරක්ෂාවට මහත් තර්ජනයක් වන බවත් එහිදී අවධාරණය කර ඇත, 
 
තවද සෞඛ්‍ය  බලධාරීන් සහ එම ක්ෂේත්‍රයේ වෘත්තිකයන් මෙම වසංගතය මැඩලීමට ගනු ලබන කැපවීම එයින් මහත හෑල්ලුවට ලක් වනු ඇති බවත් වැඩිදුරටත් පෙන්වා දෙන එම සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.

IMG 20200411 WA0006

IMG 20200411 WA0007

 
 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න