කොවිඩ් 19 සහන යටතේ ජාතික චිත්‍රපට සංස්ථාව විසින් ලබා දෙන තාවකාලික සහනය රිද්මා මණ්ඩලයේ සිනමා ශාලා සඳහා පමණක් සීමා කිරීම මේ වන විට අධ්‍යක්ෂක මණ්ඩලයේ බෙදීමක් දක්වා දුර දිග ගොස් ඇත.
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම වලක්වා ගැනීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් පීඩාවටපත් පිරිස වෙත විවිධ සහන සැපයීමට රජය කටයුතු කර ඇති අතර ඒ අනූව සිනමා ශාලා සඳහා තාවකාලික සහන වැඩපිළිවෙළක් හඳුන්වාදී ඇත.
https://newstube.lk/news/ 10091-2020-04-09-17-02-01 යන පුවතින් newstube.lk පළමු වරට මේ බව අනාවරණය කර සිටි ආකාරයට ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ප්‍රමුඛව අදාළ ආධාර රිද්මා මණ්ඩලයේ සිනමා ශාලා සඳහා පමණක් ලබා දීමට තීරණය කර ඇත.
එම දෝෂය පෙන්වා දුන්න ද මෙතෙක් එකී තීන්දුවේ වෙනසක් සිදු කර නොමැති බැවිනි මේ වන විට ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩලය තුළ ද බෙදීමක් හටගෙන ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව ආචාර්ය ධම්මික දිසානායක , රොහාන් වැලිවිට ( ක්‍රියාකාරී අධ්‍යක්ෂ ), චන්ද්‍රපාල ලියනගේ ( නියෝජ්‍ය අධ්‍යක්ෂ ගුවන් විදුලි සංස්ථාව ), වසන්ති චතුරාණි , ජයවීර (රාජ්‍ය භාණ්ඩාගාරය ),යන පිරිස දරණ ස්ථාවරය වී ඇත්තේ රජයේ මගින් සිනමා ශාලා සඳහා ලබා දෙන සහනය රිද්මා මණ්ඩලයේ සිනමා ශාලා සඳහා පමණක් නොව අනෙකුත් සිනමා ශාලා සඳහා ද ලබා දිය යුතු බවය.
එසේ නො කිරීම රජයේ ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමක් බවත් ඒ ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ. එසේම මේ වන විට සියලු ම සිනමා ශාලා පෞද්ගලික අංශ සතු බැවින් රජයේ සහ පෞද්ගලික අංශය කියාවි හසක් නොමැති බවත් එබැවින් ලබා දෙන සහන වෙනසකින් තොරව සෑම සිනමා ශාලාවක් සඳහම ලබා දිය යුතු බව මේ පාර්ශවයේ ස්ථාවරය වී තිබේ. එසේම එක් මණ්ඩලයක් සඳහා පමණක් සහන සැලසීම හේතුවෙන් රජයේ ප්‍රතිපත්තිය සම්බන්ධ වැරදි අදහසක් සමාජ ගත වන බවත් ඔවුන් පවසයි.
සැබැඳි පුවත්

