ජාතික චිත්‍රපට සංස්ථාවෙන් සිනමාහල් සඳහා ලබා දුන් තාවකාලික සහන රිද්මා මණ්ඩලයේ සිනමාහල්වලට පමණක් ලබා දීම අසාධාරණ බව එම කර්මාන්තයේ නියුතු පිරිස් පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ සහන සැලසීම ස්තුතිය හිමි විය යුතු කරුණක් වුවත් අදාල ප්‍රතිපාදන රිද්මා මණ්ඩලයේ සිනමාහල් වලට පමණක් සීමා කිරීම ඉතාමත් අසාධාරණ මෙන්ම නීති විරෝධී ක්‍රියාවක් වන බවයි.
මේ සම්බන්ධව අදහස් දක්වන පාර්ශව වැඩි දුරටත් පෙන්වා දෙන්නේ චිත්‍රපට සංස්ථාව ඇත්තේ එක් මණ්ඩලයකට පමණක් විශේෂයක් කිරීමට නොව සියලුම සිනමා ශාලා එකසේ සේවය ලබා දීමට බවයි.
එසේ ම ජාතික ජාතික චිත්‍රපට සංස්ථාවෙන් සිනමාහල්වලට ලබා දෙන්නේ රජයෙන් ලබාගත් මුදල් සමග ලංකාවේ සියලුම සිනමාහල් වලින් ලබාගත් මුදල් බවත් ඔවුන් පෙන්වා දෙයි. එබැවින් මේ මුදල් එක් මණ්ඩලයකට පමණක් ලබා දීම මුදල් අවභාවිතා කිරීමක් බවත් සංස්ථාවෙන් කිසියම් සහනයක් ලබා දෙන්නේ නම් එය සැමට දිය යුතු බව ද අදාළ පිරිස් පෙන්වා දෙයි.
මේ ආකාරයේ පංගු බෙදීම් කටයුතු නිසා රජය ගෙන වැඩපිළිවෙළට එමගින් කළු පැල්ලමක් එක් කරන බවත් රජයේ මණ්ඩලවලට සහන ලබා දී පෞද්ගලික අංශය නොතැකීම අසාධාරණ බවත් සිනමාහල් කර්මාන්තයේ නිරත පිරිස් පවසයි.
එසේ ම පෞද්ගලික අංශයේ සිනමා ශාලා වල රැකියා කරන අහිංසක මිනිසුන්ට සහන නො දීම රජයේ ප්‍රතිපත්තියක් ද යන්නත් ඔවුන් ප්‍රශ්න කරයි. මූලික දැනුමෙන් තොර පුද්ගලයන් ළංකරගත් බැවින් සභාපතිවරයා මේ වන විට තෙවරක් අසාර්ථක වූ බවත් මෙවර ඊට සහන නොලැබූ සිනමා ශාලා සේවක ශාපය දික් වනු ඇති බවට මහ පිරිස් පවසා සිටින්නේ බලවත් කණගාටුවක් ද සමගිනි.

