කොරෝනා දෙවැනි රැල්ල දකුණු කොරියාවේත් : ලෝකයම අවධානයෙන් !

කොරෝනා දෙවැනි රැල්ල දකුණු කොරියාවේත් : ලෝකයම අවධානයෙන් !

කොවිඩ් 19 වෛරසය  වැළඳීමෙන් පසු සුව වූ රෝගීන්ට නැවත රෝගය වැළඳීම සම්බන්ධ වාර්තා අධ්‍යයනය කරමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අතර ඒ දකුණු කොරියාවේ මතුව ඇති තත්ත්වයක් පදනම් කරගෙනය.

ඒ අනූව දකුණු කොරියාවෙන්  රෝගීන් 91 ක් මෙකී තත්ත්වය අනූව වාර්තා වී තිබේ.දකුණු කොරියාවේ සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එරට රෝගීන් නැවත ආසාදනය වීමක් නොව වෛරසය නැවත සක්‍රිය වීමක් ලෙස පෙනෙන්නට තිබෙන බවයි.    

සියොල් හි වාර්තා සම්බන්ධව අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ පවසා ඇත.  

"මෙම පුද්ගලයින්ගේ වාර්තා අප අධ්‍යයනය කරනවා. අපි අපගේ සායනික විශේෂඥයින් සමඟ සමීපව සම්බන්ධීකරණය වෙමින් මෙම තනි අවස්ථා පිළිබඳ වැඩිදුර තොරතුරු සොයාගැනීමට වෙහෙසෙමු. සැක සහිත රෝගීන් පරීක්ෂා කිරීම සඳහා සාම්පල් ලබා ගන්නා විට නිසි ක්‍රමවේදයන් අනුගමනය කරන බවට වග බලා ගත යුතුය."ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයන්ට අනුව කොරෝනා රෝගියෙකුට රෝහලෙන් පිටව යෑමට හැකිවන්නේ පරීක්ෂණ වාර්තා දෙකක් කොවිඩ් රෝගය නොමැති බවට ප්‍රථිඵල ලබා දුනහොත් පමණි.    එක් වාර්තාවක් ලබා ගැනීමෙන් අවම පැය 24කට පසුව අනෙක් වාර්තාව ලබා ගත යුතු බවද ඔවුහු පවසති.  

"වර්තමාන අධ්‍යනයන්ට අනුව පැහැදිලි වන්නේ රෝග ලක්ෂණ සුළුවෙන් පෙන්වන කොවිඩ් - 19 රෝගියෙකුගේ රෝගය උත්සන්න වීමේ අවස්ථාවේ සිට සම්පූර්ණ සුවය ලැබීම දක්වා සති දෙකක පමණ කාලයක් පවතින බවයි.  

සමහර රෝගීන් සායනිකව සුවය ලැබූවද කොවිඩ් පරීක්ෂණ වාර්තාවේ පෙන්නුම් කරන්නේ වයිරසය ශරීරය තුළ ඇති බවයි.  

නමුත් ඔවුන්ගේ සිරුරු තුළ කොපමණ කාලයක් සජීවී වයිරසය පැවතුනේද යන්න වඩාත් හොඳින් අධ්‍යනය කිරීම සඳහා සුවය ලැබූ රෝගියෙකුගෙන් ක්‍රමාණුකූලව සාම්පල ලබාගැනීම අවශ්‍ය වේ." යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබේ.  

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ කොවිඩ් - 19 නව රෝගයක් බැවින් වයිරසය පැතිරීමේ පැතිකඩ සම්බන්ධව අවබෝධයක් ලබාගැනීම සඳහා තවත් වසංගත රෝග දත්ත අවශ්‍ය බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න