දේශීය වෙළෙඳපොළෙන් ආනයනික ඖෂධ මිලදී ගැනීමේ සූදානමක් !

දේශීය වෙළෙඳපොළෙන් ආනයනික ඖෂධ  මිලදී ගැනීමේ සූදානමක් !

දේශීය වෙළෙඳපොළ වෙතින් ආනයනික ඖෂධ මිලදී ගැනීම  සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙයි.

ඒ වෙනුවෙන් ටෙන්ඩර් කැඳවීමක් සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන අතර ඊට අනුව අදාළ ඖෂධ  මිලදී ගැනීමට සූදානම් වන්නේ දේශීය ආනයනකරුවන් සහ බෙදා හරින්නන් වෙතිනි.

මේ  සම්බන්ධව අමාත්‍යාංශය  නිකුත් කළ නිවේදනය පහත දැක්වෙයි.රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් දේශීය ඖෂධ ආනයනකරුවන් සහ බෙදාහරින්නන් අත ඇති ඖෂධ තොග මිල දී ගැනිම සදහා මිළ ගණන් කැඳවා ඇත.

මෙම ටෙන්ඩරය 2020 අප්‍රේල් මස 15 දින පස්වරු 2.00 ට විවෘත කිරිමට නියමිතය.

මිළගණන් කැදවීමේ නිවේදනය හා අදාල සියළු තොරතුරු www.spc.lk වෙබ් අඩවියෙහි පළ කර ඇති බව සියළුම සැපයුම්කරුවන්ට දැනුම් දෙන බව රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සාමාන්‍යාධිකාරිවරයා දැනුම් දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න