කොවිඩ් ආසාදිතයින් 198 ක් දක්වා ඉහළට !

කොවිඩ් ආසාදිතයින් 198 ක් දක්වා ඉහළට  !

මෙරට තුළ  කොවිඩ් 19 වෛරසය ආසාදනයවූවන් ප්‍රමාණය අද (11) වන විට 198 දක්වා ඉහළ ගොස් තිබේ.

 සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ගතවූ පැය 24 තුළ ජා ඇල  ප්‍රදේශයෙන් පමණක් ආසාදිතයන් හත්දෙනෙක් සොයා ගෙන තිබේ.
 
නිරෝධායනය ට යොමු කර තිබූ ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ  26 දෙනෙකු නිසි ලෙස එම කටයුත්තේ නිරත නොවන බව සැල වීමත් සමඟ ඔවුන් පරික්ෂා කර ඇති අතර එහි දී මෙම ආසාදිතයන් හත්දෙනා සොයා ගෙන ඇත.
 
ඔවුන් මත්ලෝලීන් බව ද වාර්තා වේ.
 
එසේම මේ වන විට වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය සංඛ්‍යාව 7කි.
 
මේ අතර ගෝලීය මට්ටමින් කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ප්‍රමාණය 1714733ක් වන අතර මියගිය සංඛ්‍යාව 103803කි. සුවවූ ප්‍රමාණය 388866කි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න