නිල් ආණ්ඩුවට රතු එළියක් : අගමැති ඉවත් කරන්න ජනාධිපතිට බලයක් නෑ

නිල් ආණ්ඩුවට රතු එළියක් : අගමැති ඉවත් කරන්න ජනාධිපතිට බලයක් නෑ

අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම සඳහා කිසිඳු බලයක් 19 වන ව්‍යවස්ථා සංශෝධනය හමුවේ ජනාධිපතිවරයාට නොමැති බවත් එවැන්නක් කිරීමට කටයුතු කළහොත් එය ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් වන බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සඳහන් කරයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය උපුටා දක්වමින් ඔවුන් මේ බව පෙන්වා දෙන අතර 46 (2) (අ) සහ (ආ ) ප්‍රතිපාදන තුළ ඒ බව ඉතා පැහැදිළිව දක්වා ඇති බවද ඔවුන් සඳහන් කරයි.

46 (2) අග්‍රාමාත්‍යවරයා-
(අ) ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මඟින් ස්වකීය ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් ;
හෝ
(ආ) තවදුරටත් පාර්ලි‌‌මේන්තු මන්ත්‍රීවරයෙකු නොවුණහොත්;
හෝ
මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතීද ඒ තාක් කල් ස්වකීය ධූරය දරන්නේය.

2018 02 16 PHOTO 00000144

ඒ බව පෙන්වා දෙමින් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ රටේ නීතිය පෞද්ගලික රුචි අරුචිය මත වෙනස් කිරීමට කිසිවෙකුටවත් නොහැකි බවත් මේ වන විට විදෙස් තානාපති සේවා පවා මෙරට දේශපාලන අර්බුදය පිළිබඳ අවධානයෙන් පසුවන බැවින් එවැනි තත්ත්වයක් මතුවීමට ඉඩක් නොමැති බවය.

කෙසේ වුවත් මේ වන විට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඉවත්කර ඒ වෙනුවට වෙනත් අයෙකු පත්කිරීමට ඇති හැකියාව සොයාබලා වාර්තා කරන ලෙස ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයා ඇතුළු නීතිවේදීන් කණ්ඩායමකට දැනුම්දී ඇති බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න