අද සිට ඖෂධ සැල් විවෘත කිරීමට අවසර

අද සිට ඖෂධ සැල් විවෘත කිරීමට අවසර

අද සිට සියලු ඖෂධ අලෙවිසැල් විවෘතව තැබිමට අවසර දී තිබේ.

 ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සියලු ඖෂධ අලෙවිසැල් උදෑසන 9 සිට සවස 5 දක්වා විවෘතව තැබිය හැකි බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.

මීට අමතරව කොරෝනා අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇති කොළඹ, කළුතර, ගම්පහ, මහනුවර, යාපනය සහ පුත්තලම දිස්ත්‍රික්කවල ජනතාවට සිය ඖෂධ ලබා ගැනීම සඳහා ප්‍රවාහන පහසුකම් ලබාදීමට ද පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ, එම කටයුතු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ශ්‍රී ලංකා යුද හමුදාව ඒකාබද්ධව සිදුකරනු ඇති බවයි.

ඒ අනුව ග්‍රාම නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් ඒ ඒ ප්‍රදේශවල ජනතාවගේ ඖෂධ අවශ්‍යතා හඳුනාගෙන ඊට අනුකූලව ප්‍රවාහන පහසුකම් සැපයෙනු ඇති.

මේ අතර ජංගම රථ යොදා ගනිමින් ඖෂධ අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන්නැයි ද අග්‍රාමාත්‍ය කාර්යාලය ඖෂධ අලෙවිසැල් හිමියන්ට යෝජනා කර තිබේ.

මේ අනුව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම එක් ජංගම රථයක් හෝ යොදවන්නැයිද දැනුම් දුන් බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීයා පැවසුවේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න