කොවිඩ් 19 වෛරස වසංගත තත්වය වාර්තා කිරීමේ දී මාධ්‍ය ආයතන විසින් අනුගමනය කළ යුතු තවත් වැදගත් නිර්ණායක කිහිපයක් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (06) නිකුත් කර ඇත.
ඒ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වන අතර ඒ සම්බන්ධව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කරන ලෙස ද අදාළ ආයතන වෙත දන්වා තිබේ
එහි දී අවධාරණය කර ඇත්තේ පසු ගිය 2 වනදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් නිකුත් කළ නිර්ණායක වලට අමතරව මෙම නාය නව නිර්ණායක ද සැලකිල්ලට ගන්නා ලෙසය.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනය පහත දැක්වෙයි.

