මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අයුතු ලෙස මැදිහත්වී ශ්‍රී ලංකා රජයට අමෙරිකානු ඩොලර් මිලියන 07 කට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිටි උදයංග වීරතුංග අද (03) ඇප මත නිදහස් කර ඇත.
ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයක් අනුව වන අතර අදාළ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට එළැඹෙන 24 දක්වා කාලයද ලබාදී ඇත.
අධිකරණය මඟ හරිමින් විදෙස්ගතව සිටි උදයංග වීරතුංග පසුගිය පෙබරවාරි 14 වනදා ශ්‍රී ලංකාවට පැමිණි අතර එදිනම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත්තේය.
ඔහු පසුදින අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලදුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.
එහිදී බන්ධනාගාර රෝහලට ගෙනගිය ඔහු පසුගියදා කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට ද ඇතුළත් කරගෙන තිබිණි.
උදයංග වීරතුංග රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වන අතර රාජපක්ෂ පවුලේ ඉතා සමීපතම ඥාතියකු වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
