වහාම ක්‍රියාත්මක වන පරිදි සිම්බාබ්වේ ක්‍රිකට් තාවකාලිකව තහනම් කිරීමට අයි.සී.සී. ය විසින් පියවර ගෙන ඇත.
එරට ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවන දේශපාලන ඇගිලි ගැසීම් හේතුවෙන් මෙම තීරණය ගත් බව අන්තර්ජාතික අයි.සී.සී.ය ප්‍රකාශ කරයි.
ඊයේ (18) පැවති එහි කමිටු රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත්තේ සියළුදෙනාගේ කැමැත්තෙන බව වාර්තා වේ. මේ අනුව අදාළ තහනම ක්‍රියාත්මක වන කාළය තුළදී අයි.සී.සී. ය විසින් සිම්බාබ්වේ ක්‍රිකට් වෙනුවෙන් ලබා දෙන අරමුදල් නවතා ඇති අතර අයි.සී.සී. ය සංවිධානය කරන කිසිදු තරගයකට සහභාගි වීමට සිම්බාබ්වේට හැකියාවක් නොලැබෙනු ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර අයි.සී.සීය විසින් දන්වා නොමැත. මීට පෙර පසුගිය මසදී අයි.සී.සී. ය විසින් සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සියළු සාමාජිකයන්ගේ තනතුරු අත්හිටුවීමටද ක්‍රියා කළහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
