දහම් සිරිසේන මහතා විසින් පොළොන්නරුව ප්‍රදේශයේ තරුණයින් වෙනුවෙන් සංවිධානය කර තිබූ ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ සිට ස්ථාන මාරුවක් ලබා පසුව එය අවලංගු වූ කර්නල් රත්නප්‍රිය බන්ධු පැමිණ සිටි බවට සමාජ ජාල වාර්තා පළවේ.
මෛත්‍රිපාල සිරිසේන අභියෝගතා සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය ලෙස නම් කර තිබු එම තරගාවලිය පසුගිය සෙනසුරාද පවත්වා ඇත.
යුද හමුදාවේ කර්නල් රත්නප්‍රිය බන්ධු මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ සිට අඹේපුස්සට මාරු කල අවස්ථාවේ විශ්වමඩු ප්‍රදේශයේ ජනතාව ඔහුව වැළදගෙන හඩා වැටුන අකාරය සමාජ මාධ්‍ය තුල දැඩි කතා බහකට ලක්විය.
පසුව ජනාධිපතිවරයා විසින් වහාම එම ස්ථාන මාරුව අවංගු කර කර්නල් රත්නප්‍රිය බන්ධු මහතා විශ්වමඩු ප්‍රදේශයේම සේවය සදහා යොදවන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබා දීම සමාජ මාධ්‍ය තුල දැඩි ප්‍රශංසාවටද ලක්විය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
