ඉතාලි පොහොට්ටුව පුපුරයි : කෑම වේලක් කරපු හදියක් !

ඉතාලි පොහොට්ටුව පුපුරයි : කෑම වේලක් කරපු හදියක්  !

13වන ඉරිද ඉතාලියෙ පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් හෙළිකරල යුක්තිය ඉටු කරන්න කියල කරපු සාමකාමී උද්ඝෝෂණයෙන් පස්සෙ ඉතාලියෙ පොහොට්ටු ආධාරකරුවො දෙකඩ වෙලා කියලයි ආරංචිය.

උද්ඝෝෂණය වෙනුවෙන් නීත්‍යානුකූලව අවසර ගත්ත කාන්තාව මහින්දල උද්ඝෝෂණයට කලින් හිටපු හෝටලේට ගෙන්වගෙන වැඩේ දියාරු කරන්න සාකච්ඡා කරල.

අවසර ගත්ත කෙනාම යුරෝපයේ නන් දෙසින් එන්න හිටපු අයගෙ පැමිණීම වලක්වන්න ලොකු ට්‍රයි එක්ක් දීල.

අපරාදෙ ට්‍රයි එක.

කොහොම උනත් 300ක් විතර සහභාගී වෙලා සාර්ථක සාමකාමී විරෝධයක් අවසන් කලා.

එදා ඒක අලකරන්න බැස්සා කියලා පෙන්නන්න, කොහෙද තියෙන තාප්පයක් ගාව ෆොටෝස් ටිකක් අරගෙන බුකියට දාලා.

මහින්ද අගමැතිගෙන් ලකුණු දාගන්න කරාට අගමැති සත පහකට ගණන් අරගෙන නෑ.

දැන් කවුරුත් කියන්නේ විස්කි බෝතලේට බඩගෝස්තරේට නිවුස් විකුනන දඹේලා, එක්ක ඉතාලියෙ ඇඟ බැදපු "ලියා" ඇතුලු අටේ කල්ලිය මහින්ද රකින්න බොලොඤ්ඤො ගිහින් පච වෙලා ඇවිත් කියලා.

මොකද මෙයාලව සත පහකට ගණන් නොගත්තට, ඉතාලියෙ ඉන්න පොහොට්ටුවෙ කලු කෝට් කල්ලියට මහින්ද කන්න බොන්න දීල සංග්‍රහ කරල.

ඒ හින්දම දැන් අතලොස්සක් හිටපු මහින්දගෙ පොහොට්ටු පොකුර දෙකඩ වෙලාලු.

ඔක්කොටම වඩා වැඩේ කියන්නෙ කලක් ඉතාලිය්ව් නිදහස් පක්ෂෙ හිටපු සභාපති අශෝක හෙට්ටිආරච්චි වත්මන් ඉතාලි පොහොට්ටු පක්ෂෙ සභාපති අටේ කල්ලිය නොමඟ යවල හොරෙන්ම ගිහින් මහින්ද හමුවෙලා ඉතාලියෙ තියන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙ සැබෑ කලකිරීම ගැන ගතු කියල සූර් වෙලා එද්දි, ඉතාලි ආරක්ෂක අංශ විසින් එලවපු අටේ කල්ලියට මාට්ටු වෙලා……

ඒකෙන් තමයි වැඩේ දුරදිග ගිහින් තියෙන්නෙ...කොහොම උනත් ඒ අල්ල පනල්ලෙ කලින් ඔක්සිජන් කන්නද අහපු කෙනාගේ පස්සේ ගිය, පාර වෙනස් කරලා වෙන කෙනෙකුට කඩේ යන විඩ්ජියට හිටපු , පද්මලාල් ඇතුලු කෝට් කල්ලිය මහින්ද හමුවෙන්න ඊයෙ, 14 ගිහින් කාළ බීල ජයවේවා කියල මදිවට ඒව ෆේස්බුක් එකේ ලයිව් දීල…….

ඕකට එකසීය ගානට අටේ කල්ලිය උරණ වෙලා දැන් අටේ කල්ලිය ජමන්තිර වෙලාලු ඉන්නෙ.

කෝට් කල්ලියත් සියල්ලෝම කතෝලික නිසා සාමකාමී උද්ඝෝෂණය මගහැරල එන්නෙ නැතුව ඉඳල තියෙන්නෙ , අටේ කල්ලිය මහින්ද වෙනුවෙන් කොහොම හරි සහභාගී වෙමු කියල දහ දොලොස් පාරක් ඉල්ලල තියෙද්දි කියලයි ආරංචිය

කෝට් කල්ලිය හැමදාම කලේ ලකුණු දාගන්න එක එක තමයි හරි බලා ගමු කියලා මිලානෝ වල සාන්ත අගොස්තීනෝවල දැන් හරි හරියට කතාවෙනවලු

IMG 20210915 WA0000

IMG 20210915 WA0003

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න