පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා සිය බැංකු ගිණුමට බැර කරවා ගත්තේ යැයි සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්ගේ හිටපු ලේකම් ලබන 9 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද(25) නියෝග කළා.
ලියනාරච්චිගේ සුමතිපාල ලියනාරච්චි නමැති සැකකරු එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.
අල්ලස් පනතේ දූෂණය නම් වරද සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වුයේ.
විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් තොරව තෝරාගත් සමාගම් තුනක් සඳහා පමණක් පොස්පේට් අපනයනය කිරීමට අවශ්‍ය කටයුතු සලසා දී එම සමාගම් වෙත පොස්පේට් ආනයනට අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට සහාය දීම ,ආධාර අනුබල ලබා දී ලක්ෂ 81 මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබාගෙන සැකකරු බැංකු ගිණුමේ තැන්පත් කර ඇති බවයි විමර්ශන නිලධාරීන් පවසා සිටියේ.
තවද බලපත්‍ර ලබා දී තිබූ භු විද්‍යා හා පතල් කාර්යාංශයේ පුද්ගලයන්ට ද අල්ලස් ලබා දී ඇති බවයි වර්තා වන්නේ, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ද කරන බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.
මෙම සිද්ධියට අදාලව තවත් සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද අල්ලස් කොමිසම අධිකරණයට පැවසීය.
සිද්ධියට අදාල සැකකරු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
