Image

ලංකා ඛනිජ වැලි සමාගමේ හිටපු සභාපති උදේනි දසනායකට ඇප

ලංකා ඛනිජ වැලි සමාගමේ හිටපු සභාපති උදේනි දසනායකට ඇප

දුෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් ලංකා ඛනිජ වැලි සමාගමේ හිටපු සභාපති උදේනි දසනායක  ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (25) නියෝග කළා.

සැකකරුට ලක්ෂ 20 බැගින් වු ශරීර ඇප 2ක් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළා.

තවද සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසටද  මහේස්ත්‍රාත්වරයා සැකකරුට නියෝග කළා.

සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

නොවැම්බර් 20 නඩුව යළි කැඳවිමට නියමිතයි.

ලංකා මිනරල් සැන්ඩ්ස් ලිමිටඩ් සමාගමේ කම්කරු තනතුර සඳහා අනුමත ප්‍රමාණය ඉක්මවා, බදවා ගැනීම පරිපාටියෙන් බැහැරව "අනියම් කම්කරු" තනතුර සදහා 2023/2024 වසරවල සේවකයන් බදවා ගැනීම සිදුකර මේ දක්වා රුපියල් 34,438,650.42 (තුන් කෝටි හතලිස් හතර ලක්ෂ තිස් අටදහස් හයසිය පනහයි ශත හතලිස් දෙක) ක මුදලක් එකී අනියම් කම්කරුවන් හට වැටුප් ගෙවීමට සැලැස්වීමෙන් එම පුද්ගලයින්ට අයුතු සහගත වාසියක් සිදුකර දූෂණය නැමැති වරද සිදු කිරීමේ වෝදනා මත මොහු මෙලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න