දුෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කල එම්. කේ. බී. දිසානායක ඇප මත මුදා හැරිිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (25) නියෝග කළේ ය.
සැකකරුට ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරිමට ද නියෝග කළා.
දැහැමි නිවහනයි අපේකම රැකගමු යන තේමාව යටතේ පොතක් මුද්‍රණය කිරීම ඔහුගේ හිතවත් පුද්ගලයකුට ලබාදීම හේතුවෙන් රුපියල් ලක්ෂ පනහකට අධික මුදලක් රාජ්‍යයට පාඩු කිරීමේ සිද්ධියට අදාලව සැකකරු අත්අඩංගුට ගෙන තිබුණා.
දෙසැම්බර් 18 නඩුව නැවත කැඳවිමට නියමිතයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
