ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘතියකට අදාළව ගෙවිය යුතුව තිබූ රුපියල් මිලියන 36 කට ආසන්න මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඹ හිටපු නගරාධිපති ඒ. ජේ. එම්. මුසම්මිල් ගේ වැඩිමහල් පුත්‍රයා සම්බන්ධයෙන් වන නඩුව ඊයේ (03) සමථයකට පත් කෙරුණා.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් සැකකරු, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුලින් නියෝග කෙරුණේ ලබන සැප්තැම්බර් 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.
කෙසේ වෙතත්, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අනතුරුව දෙපාර්ශවය අතර ඇතිකරගත් මුදල් ගෙවීමේ එකඟතාව පදනම් කරගනිමින් ඔහුට අදාළ නඩුව සමථයකට පත් කිරීමට තීරණය කර තිබෙනවා. ඊට අමතරව, ඔහුට පනවා තිබූ විදෙස් ගමන් තහනම ද ඉවත් කිරීමට අධිකරණය නියෝග කළ බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
