#courtnews

  • ක්‍රිෂ් ගනුදෙනුව: නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන යළිත් රිමාන්ඩ්!

    ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට  අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා  ජානකී සිරිවර්ධන ලබන 16  දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (6) නියෝග කළා.

  • ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක්

    අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) නියෝග කළේය.

  • බැංකු නිලධාරීන් ඇතුළු සැකකරුවන් පස් දෙනා 17වන දා දක්වා රිමාන්ඩ්!

    මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන මුදල් ව්‍යාජ සමාගම් හරහා බැංකුවල තැන්පත් කර විදේශ රටවලට ප්‍රේෂණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බැංකු නිලධාරීන් ඇතුළු සැකකරුවන් පස් දෙනා 17දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

  • බැසිල්ට එරෙහි ටීෂර්ට් නඩුව: රූහි ජවුෆර් කොටුව අධිකරණයට රහස් ප්‍රකාශයක් ලබා දෙයි!

    2014 වසරේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මිලියන 7.8 ක මුදලක් භාවිතා කරමින් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ යන අයගේ උපදෙස් මත ඌව පළාත් සභා මැතිවරණය සඳහා රජයේ මුදල් භාවිතා කරමින් ටී ෂර්ට් මුද්‍රණය කළ සිද්ධියට අදාළව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු කළමණාකරණ අධ්‍යක්ෂ රූහි ජවුෆර් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ අද (03) රහස් ප්‍රකාශයක් ලබා දුන්නේ ය.

  • සතියක නඩු ඉතා කෙටියෙන්

    මේ වන විට දිවයිනේ විවිධ මැති ඇතිවරු, පාතාල නායකයින් යනා දි බොහෝ පිරිසකට එරෙහි අල්ලස් හෝ දූෂණ චෝදනා නඩු කටයුතු මෙන් ම මත්ද්‍රව්‍ය සහ වෙනත් කූට ජාවාරම්වලට සම්බන්ධ දැවැන්ත ව්‍යාපාරිකයින්ට එරෙහිව ද පවත්නා නඩු විභාග වෙමින් පවතී.

  • සතියේ නඩු : ඥානසාර හිමි, ශිරන්ති සහ දේශබන්දු ගැන අධිකරණ තීන්දු මෙන්න

    ආන්දෝලනාත්මක නඩු ගණනාවක් විභාගයට ගනිමින් ගිය සතිය ආරම්භ විය. පහළ අධිකරණ වල සිට ඉහළ අධිකරණ දක්වාම නඩු රාශියක් විභාග වූ අතර අපි දන්න කියන බලවත්තු පිරිසකට රක්ෂිත බන්ධනාගාර ගත වෙන්නටද සිදුවිය.

    නැකත් සතිය ආරම්භ වුනේ අධිකරණය මඟහරිමින් සැඟවිලා සිටිය ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරමින්ය. ඥානසාර හිමියන් ඇල්ලු නැකත අවසන් වුයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ හිටපු ජනාධිපති ආර්‍යා ශිරන්ති රාජපක්ෂවත් කල්දේරම් බතේ රස බලන්නට වැලිකඩ යවමින්ය. 

  • සතියේ නඩු: නාමල්, ඥානසාර හිමි, ශෂී සහ පද්මේ ඇතුළු ප්‍රධාන නඩු තීන්දු හා නියෝග මෙන්න!

    පසුගිය සතියේ (2026.09.28 - 2026.10.02) මෙරට අධිකරණයේ ප්‍රධාන අවධානයට ලක්වූ නඩු තීන්දු, නියෝග සහ විමර්ශන ප්‍රගතීන් පිළිබඳ සංෂිප්ත විග්‍රහයක් මෙම විශේෂාංගය ඔස්සේ ඔබ වෙත ගෙන එයි.

  • හිටපු නගරාධිපති මුසම්මිල්ගේ පුත්‍රයාගේ නඩුව සමථයකට

    ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘතියකට අදාළව ගෙවිය යුතුව තිබූ රුපියල් මිලියන 36 කට ආසන්න මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඹ හිටපු නගරාධිපති ඒ. ජේ. එම්. මුසම්මිල් ගේ වැඩිමහල් පුත්‍රයා සම්බන්ධයෙන් වන නඩුව ඊයේ (03) සමථයකට පත් කෙරුණා.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න