#SriLankancinema

  • 'රැජිණියේ' සිනමා නිර්මාණයට පවුලේ අය ගෙන් අවසර ගත යුත්තේ ඇයි...?

    මාලිනී ගැන හදන ෆිල්ම් එකට, මාලිනී ගෙ පවුලේ අයගෙන් අවසර ගන්න ඕන ඇයි? මාලිනී ෆොන්සේකාගෙ පවුලේ අයට එහෙම අයිතියක් ලැබෙනව ද? මාලිනී නෙවෙයි, ඕනෑම කලාකරුවකු ගෙ හෝ කලාකාරියක ගෙ හෝ ප්‍රසිද්ධ කෙනකු ගේ චරිතය ප්‍රතිනිර්මාණය කිරීම ගැන තියෙන නීති මොනවද? අපි ටිකක් ඒ ගැන බලමු.

  • 'රැජිණියේ' සිනමාපටය සම්බන්ධයෙන් මාලිනී ෆොන්සේකා මහත්මිය ගේ පවුලේ සාමාජිකයින් ගේ නිල නිවේදනය

    සිනමා නිළි රැජින, මගේ ආදරණීය ලොකු නැන්දා වන මාලිනී ෆොන්සේකා මහත්මිය අප අතරින් වෙන් වී වසරක් ගෙවී යෑමටත් මත්තෙන්, ඇගේ ජීවිත කතාව අලළා සිනමාපටයක් නිර්මාණය වන බවට ජයන්ත ධර්මදාස මහතා සිදු කළ නිල නිවේදනයෙන් පසුව ඒ පිළිබඳව සමාජය තුළ විශාල කතිකාවක් නිර්මාණය විය.

  • 18 හැවිරිදි තරුණයකු මෙරට නිෂ්පාදිත චිත්‍රපටි හොර රහසේ සමාජ මාධ්‍යයේ පළ කරලා

    පුද්ගලයෙකු, මෙරට නිෂ්පාදනය කළ සිංහල චිත්‍රපටි සිය පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කිරීම සම්බන්ධයෙන් චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ සංගමය ඊයේ (09) මොරටුව පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇත.

  • අභිසාරි දැන් රට පුරා

    ලංකාවෙ එතෙක් මෙතෙක් නිර්මාණය වුණු සුවිශේෂම සිනමා කෘතිය තාම නැරඹුවේ නැද්ද? 

    මේ කෘතිය කාරණා කීපයක් නිසා සුවිශේෂ වෙනවා. එකක්, ලංකාවෙ අබිසරුලියන් ගැන හැදුණු ප්‍රථම චිත්‍රපටිය වෙන්නෙ මේක. නීතිය සමාජය විසින් අපවාදයට අපහරණයට බඳුන් කරන ඒ කාන්තාවන් ගැන නිර්මාණය වුණු පළමු සිනමා කෘතිය කියලා කියන්න පුළුවන්.

    අනික, I Phone 15 pro කැමරාවකින් රූගත කරලා සිනමා ශාලාවකට එන පළමු චිත්‍රපටියත් මේක. ඒ කියන්නෙ ලංකාවෙ සිනමාව ගැන උනන්දු සෑම කෙනෙක් ම අනිවාර්යෙන් නැරඹිය යුතු චිත්‍රපටියක් මේක. සිනමාව පුනරුදය ලබනවා කියන්නෙ ම: උපකරණ පෑන් පැන්සල් ගානට සුලබ වෙන්න ඕන.

  • කේ. වෙන්කට්; වසර 43කට පසු ශ්‍රී ලාංකික හදවතින් පිදුම් ලබයි..

    මෙරට සිනමා ක්ෂේත්‍රයට සුවිශාල මෙහෙයක් ඉටුකළ කේ.වෙන්කට් 1983 කළු ජූලියේ දී පණ පිටින් පුළුස්සා ඝාතනය කර වසර 43ක් සම්පූර්ණ වේ.

  • ගෙවී ගිය මාස හතේ සිංහල සිනමාවේ තතු

    සිනමාව කර්මාන්තයක් ලෙස පවත්වා ගන්නට නම් නිසැකව ම චිත‍්‍රපට නොකඩවා නිෂ්පාදනය විය යුතු ම ය. නැතහොත් චිත‍්‍රපට කර්මාන්තය බිඳ වැටෙයි. ලාංකීය චිත‍්‍රපට කර්මාන්තය තුළ පසුගිය වසර එනම් 2025 වසර ඉතාමත් ලාභදායි ලෙස ආදායම් ඉපැයු සිනමාපට ගණනාවක් තිරගත වූ වසරකි.

  • චිත්‍රපට ශාලා ඉදිකිරීම සහ වත්මන් සිනමාව

    චිත්‍රපට ශාලා ඉදිකිරීම පිළිබඳව ඉතා වැදගත් තොරතුරක් ජාතික චිත්‍රපට සංස්ථා සභාපතිවරයා මුල්කොට - සංස්ථා නිලධාරීන් සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යවරයා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත් කිරීම කරන ලදී.

  • තුන්වන සිනමා යුගයේ අධිපති ආචාර්ය ධර්මසේන පතිරාජ ගේ තිර රචනා ත්‍රිත්වයක් ජනගත කිරීම

    ආචාර්ය ධර්මසේන පතිරාජ නිර්මාපිත තිර රචනා ත්‍රිත්වයේ ග්‍රන්ථ දොරට වැඩුමත්, සිංගප්පූරු ආසියානු සිනමා සංරක්‍ෂණාගාරයේ ප්‍රතිසංරක්‍ෂිත අහස් ගව්ව චිත්‍රපටයේ 4K ප්‍රදර්ශනයත් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී අගෝස්තු 9වන ඉරිදා පස්වරුවේ පැවැත්විණි.

  • යෝනියක බලාධිකාරිිත්වය ඔස්කාර් දක්වා රැගෙන යන ''ඔස්කාර්''

    "ඔස්කාර්"... දැන් තිරගතවන සිංහල චිත්‍රපටය අධ්‍යක්ෂ එරංග සේනාරත්නගේ 9 වන සිනමා නිර්මාණය ලෙසින් ප්‍රේක්ෂකයා වෙත පැමිණ ඇත. එකී නම සිනමාවට සබැඳිව "ඔස්කාර්" වූ පමණින් ම එහි යම් අමුත්තක් හිතට ගෙන එනවා. ඒ මක්නිසා ද යත් සෑම සිනමාකරුවකු ගේම පරම සිහිනය ඔස්කාවක් වන නිසා ය.

  • රට පුරා නව ප්‍රාදේශීය සිනමා ශාලා ඉදිකිරීමේ වැඩපිළිවෙළක්!

    මෙරට සිනමා කර්මා­න්තය නඟා­සි­ටු­වීම සහ ප්‍රේක්ෂ­ක­යින් වර්ධ­නය කර­ගැ­නීම උදෙසා රට පුරා නව ප්‍රාදේශීය සිනමා ශාලා ඉදි­කි­රීමේ වැඩ­පි­ළි­වෙ­ළක් ජාතික චිත්‍ර­පට සංස්ථාව මගින් ක්‍රියා­ත්මක කිරී­මට සැල­සුම් කර ඇත.

  • වසර 43කට පසුව නෑ හිතමිතුරන් හමුවී කඳුළු සැලූ මොහොතක්..

    ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා යටතේ දැඩි ඒකාධිපති පාලනයක් ගොඩනැගෙමින් තිබූ  පසුබිමක 1983 කළු ජූලිය නිර්මාණය කර, අහිංසක දෙමළ පුරවැසියන් දහස් ගණනක් මරා දමා දේපොළ කොල්ලකා ගිනිබත් කර, වසර 43ක් සම්පූර්ණ වී තිබේ.

  • විමුක්ති ගේ සිනමා සිතීම; "Spying Stars" කියවීමක්

    "ස්පයින් ස්ටාර්ස්" චිත්‍රපටිය විමුක්ති ජයසුන්දර ගේ සිනමාවේ මංසන්ධියකි. එමගින් ඔහු ගේ සිනමා සිතීමේ ආකෘතිය අපට මෙයට පෙර හමු නොවූ ලෙස නිරාවරණය වෙයි. එනිසා ම මේ මගින් ඔහු ගේ අතීත සිනමාව දෙස ද නැවත යෑමට අපට බල කරයි. එම අතීතය අපට දැන් වෙනත් ඇසකින් කියවිය හැකි ය.

  • ශ්‍රී ලාංකීය සිනමාවේ ශත සංවත්සරය සැමරීම සහ 75 වසරක කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 ප්‍රකාශයට පත් කෙරේ

    බුද්ධශාසන,ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය,සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සමග රාජ්‍ය සිනමා අනුමණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන, ‘ශ්‍රී ලාංකීය සිනමාවේ ශත සංවත්සරය (1925-2025) සහ 75 වසරක මෙරට කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 ප්‍රකාශයට පත් කිරීමේ උත්සවය 2025 දෙසැම්බර් 29 වන සඳුදා, සවස 4.30 ට කොළඹ 05, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පිහිටි ‘ඇසිදිසි මැදුර’ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න