Image

වෛද්‍ය මහේෂි විජේරත්න ගේ දියණියට එරෙහි නඩුව ඔක්තෝබර් 27 දක්වා කල් තබයි

වෛද්‍ය මහේෂි  විජේරත්න ගේ දියණියට එරෙහි නඩුව ඔක්තෝබර් 27 දක්වා කල් තබයි

අල්ලස්  නිලධාරීන්ට බැණ තර්ජනය කර රාජකාරියට බාධා කිරීම කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්  ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි  විජේරත්න ගේ දියණියට එරෙහි පවරා ඇති නඩුව ඔක්තෝබර් 27 යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (21) නියෝග කළේ ය.

මෙලෙස නියෝග කළේ නඩුව කැඳවු අවස්ථාවේ දී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව ය. එදිනට නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කරන බව ද මහේස්ත්‍රාත්වරයා  අධිකරණයට දැන්වූයේ ය.

රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබූ නේවාසික රෝගීන්ට ස්නායු ශල්‍ය උපකරණය වැඩි මිලට විකිණීමෙන්, දූෂණය නම් වරද සිදු කර ඇතැයි කියන විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න සැකකාරිය ගේ දියණිය වන හේමාලී විජේරත්නට එරෙහිව එලෙස නඩුව පවරා තිබුණි.

පෙර නඩු දිනයේ දී අධිකරණයේ පෙනී සිටි විත්තිකාරිය අදාල චෝදනාවලට නිවැරදිකාරී බව පවසා තිබුණා ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න