ජවිපෙ දේශපාලනයේ නොපෙනෙන පැත්ත

ජවිපෙ දේශපාලනයේ නොපෙනෙන පැත්ත

ඉතාම අදක්ෂ ජෙවිපේ ආණ්ඩුව එක ව්‍යසනයක් තව ව්‍යසනයක් බවට මල්ටිප්ලයි කරන්න වැඩි වෙලා ගන්නේ නෑ. සමස්තයක් ලෙස රට ම එක ව්‍යසනයක් බවට කෙමෙං කෙමෙං පත් වෙමින් පවතිනවා.

හයිවේ කිසිවක් නඩත්තු නෑ. හයිවේ නඩත්තු කළ යුත්තේ ජනාධිපතිවරයා නොවුනත්, අද වෙනදා සක්‍රියව වැඩ කළ සේවා ඉතා ම අකාර්‍යක්ෂම වීම සොයා බැලිය යුතු කරුණක්.

නඩත්තුව ඇනහිට ඇති 'හයිවේ'

elevated section of the cke

කටුනායක පාර දෙපස හිටවා තිබූ උද්හිද විද්‍යාත්මක වටිනාකම් ඇති ඉතාම ලස්සනට සීසනල් මල් පිපෙන මුරුත, කොබෝනීල, රුක් අත්තන, ඇහැළ යනාදි ගස් ද, කොළ ලස්සන, මී, දොඹ, බුළු, හොර, හල්මිල්ල, නෙල්ලි, කරඳ යනාදි ගස්ද අද මැරී හෝ වැල් වෙලා යටපත් වී ගිහිං. මාර්ග දෙපස පරිසරයවත් දසමයක් නඩත්තු කර නෑ. මහජන මුදලින්  රෝපණය කළ වටිනා ගස්, වල් ආක්‍රමණය සහ වෙනත් හේතු නිසා පහුගිය අවුරුද්ද ඇතුළත විසාල ප්‍රමාණයක් මැරිලා. ජනතා මුදලිං හිටවූ මේ ගස්: උද්‍යාන අලංකරණය කරන ලද හයිවේ පිවිසුම්, ඉතාම ලාබ ලබන හයිවේ පද්ධතිය තුළ, මේ තාක් කල් මැනවින් නඩත්තු වුණා. ඒ නිසාම අදත් හයිවේ අයිනේ කැලේ සුද්ධ කරන්නෙ නෑ. පිවිසුම් උද්‍යාන නඩත්තු කරන්නෙ නෑ. ඒවාගෙ නඩත්තුවෙ වටිනාකම් දන්නේවත් නෑ. හයිවේවලට දිගට ගසා තිබූ වනසත්ව ආරක්ෂිත වැටවල් කිසිවක් පහුගිය වසර ඇතුලත සුද්ද කර නැති නිසා වැල් වැඩී, මැනෙවින් වැඩෙමින් තිබූ වැදගත් ගස් ආක්‍රමණය වී, දුර්වල වී, ඇස්තටික් නැතිවී, වල් බිහිවී අවසන්. දකුණු අධිවේගය පුරාම පාර දෙපස තෙත් කලාපීයව වේගවත්ව වැවෙන වල් සුද්ද කර නෑ. හයිවේ බලන්න කැතයි. මීට වසරකට පෙර අප රටට පැමිණි සුදු මහතුන් ලංකාවෙ මාර්ගවල සුන්දරත්වය අගය කරත්, ඔවුං මෙවර අහන්නේ 'ඇයි මේවා බිඳ වැටිල...?' කියල.

 

සෝවියට් පරිවර්තන පොත පත අභිභවන යමක් නොකිය වීම

දුප්පත් පවුල් වලින් එන, පරිකල්පනය (Imagination) ඉතාම දුප්පත්, ඉංග්‍රීසි බැරි, අලුත් දැනුම නොලබන, අලුත් යුගයේ ලෝකය තේරුං ගන්න අසමත්, සෝවියට් පරිවර්තන පොත පතට එහා දෙයක් කියවල නැති, විරෝධතාව හුරු, ගොඩනැගීම හා ඉපයීම නොදන්නා, තමුං ගේ බර අනිකා මත පටවා ජීවත්වන, සූරාකන සුළු ජේවීපීකාරයින්ට ඇත්තට ම ගෙයක් දොරක් පිළිවෙළට පිරිසිදුව තබා ගැනීම, මාර්ගවල සුන්දරත්වය, Aesthetic යනාදි සරල දේවල්වල වත් වටිනාකම තේරෙන්නෙ නෑ. උන් දන්නේ අධ්‍යාපන ආයතන ඉදිරිපිට කළු කොඩි පොලිතින් ඇද අපිරිසිදු කර, තාප්පවල, ගස් ගල් උඩ, පාරවල විරෝධතාවාදී කඩාකප්පල්කාරී බලි අදින්න විතරයි.

07 03

ජේවීපී ආණ්ඩුව තුළ මතවාදී නායකත්වය දරන්නෙ චින්තනය නොදියුණු, රටට සාධනීය යමක් නොකරන, සිස්ටම් එක ස්ට්‍රේන් කරන, පිරමීඩ බෙනිපිට්වලින් යැපෙන ටියුසන්කරුවන්, යූනියන්කරායින්, මිථ්‍යාව වපුරමින් මිනිස්සු රවටා විද්‍යාවට ගරහන හාමුදුරුවන්, කපුවන්, ඩෝබිවරුන්, රැග් කරන පරපීඩාකාරී ආකල්ප දරණ ඉංග්‍රීසි බැරි, අලුත් දැනුම නැති විශ්වවිද්‍යාල ගුරුවරුන්, රජය තුළත් අපි මීට පෙර අසාවත් නොතිබුණු, සේවා කාලය තුළ විරෝධතාවල සහ අක්‍රිය රාජ්‍ය සේවයේ නියුතු වූ ඉතාම අදක්ෂ කාඩර්වරුන් විතරයි. ඔවුන් එදා ඇත්තට ම විශ්වවිද්‍යාලය, රාජ්‍ය ආයතන ආදිය ඉනොවේටිව් වීම, අප්ඩේට් වීම කඩාකප්පල් කළා විනා ඒවා ගොඩනැගෙන්න, ධනය නිර්මාණය වෙන්න, කිසිම ඉඩක් දුන්නේ නෑ. මේවා කොවිඩ් කාලේ පවා නඩත්තු වුණා.

ඉන්දියාව සමග හොර ගිවිසුම්

එයාපෝට් එක කොවිඩ් කාලෙවත්, යුද්ධ කාලෙවත් මෙච්චර කැතට තිබුණෙ නෑ. වැඩ නවතා දාලා. රටේ Projects තිබ්බ ටිකත් Freez කරලා. හයිවේ හැදෙන්නෙ නෑ. ජාතික සම්බන්ධිකරණයෙන් දුවන එක ව්‍යාපෘතියක් නෑ. ආසාවට දකින්න කිසිම ව්‍යාපෘතියක් හරියට කරන්නෙ නෑ. තිබ්බ ටිකත් දැං නෑ. අපේ රට ඉදිරියට යන්න අවශ්‍යව තිබුණේ ආකෘතිමය වෙනසකුයි. ඒ වෙනසට නායකත්වය දෙන්න ජෙප්පං දන්නෙ නැති එක විශාල හානියක්.

කළු වෘත්තීය සංගම්, කළු ශිෂ්‍ය සංගම්වලට නායකත්වය දීම කළ, කඩාකප්පල්කාරී, උද්ඝෝෂණ, පිං කැට සම්මාදං දේශපාලන කණ්ඩායමකට අපට අවශ්‍ය සංවර්ධිත රට නිර්මාණය කරන්න බෑ. බොරු උපාධි කතානායකලා, බොරු විශ්වවිද්‍යාල පාසැල් සැමරුම්, ඉන්දියාව ගෙනල්ලා හොර ගිවිසුම් ගහලා රටවල් කරන අගමැතිලා, හුළගට ගහගෙන තහඩුවක් ගියත් මිලියනයක් දෙනවා කියන ජනාධිපතිලා, කලිං ආණ්ඩුවලට වඩා කරපු වෙනසනම්, තව තවත් රාජ්‍යය ආර්තික පරිහානිය දෙසට කැන්දාගෙන යාම නොවන බව දැංවත් ප්‍රතිඵලවලින් ඔප්පු කළ යුතුයි!

 

strike copy 800x450

 

නවොත්පාදන (Innovationsබිහි නොවන හේතුව

ථේරවාද මිථ්‍යා අන්ධකාරය වපුරන පංසල, කළු රජයේ වෘත්තීය සංගම්, කළු නවෝත්පාදන (Innovations) විරෝධී පැක්ටරි යූනියන්, කළු රාජ්‍ය සේවා වෘත්තෘය සමිති, කළු ශිෂ්‍ය මාෆියා යූනියන්, ආදී ලෙස සම්මාදම් එකතු කරන සියලු වැඩවසම් සම්මාදම් බෙනිපිට් පිරමීඩ ඉතාම දූසිත ඔලිගාකිවරුන් නිර්මාණය කරනවා. ඔවුන් සම්මාදම් අරමුදල් ලෙස මිනිසුන් රවටා උපයාගත්, Time Money Freedomවලින් පුර්ණ කාලීය කළු දේශපාලන ව්‍යාපාර නඩත්තු කරනවා. මේ කඩාකප්පල් ව්‍යාපාර ජාලය හරහා උපරිම වාසි ලබන්නේ ජෙවිපේ බව අප හැම දන්නවා. අන්ධකාරය වපුරා රැස් කරන අසීමිත මුදල් බලය නිසාම, නැති නම් ශක්තිමත්, ස්ථාවර, මාසික cash inflow එක නිසාම, අපේ අවාසනාවට රටේ ඔපීනියන් ලීඩර්ස්ලා වෙන මේ කළු කඩාකප්පල්කාරීන් රංචු අපේ පන්සල් තුලවත්, ෆැක්ටරිවලවත්, රාජ්‍ය සේවය තුළත්, කර්මාන්ත තුළත්, අධ්‍යාපන ආයතන තුළත් දීර්ඝකාලීනව යහපත් යමක් ගොඩනගන්න ඉඩ දෙන්නෙ නෑ. නවෝත්පාදන(Innovations)  හැදෙන්න ඉඩ දෙන්නෙ නෑ. එයාලා සාර්ථකව එයාලට ලැබෙන පුද්ගලික වාසි නිසා බෙනිෆිට් පිරමීඩ නඩත්තු කළාට උන් එකෙක් රටේ හැමෝට ම ධනවත් වෙන්න අවශ්‍ය ඔපචුනිටි, දියුණු වෙන්න අවශ්‍ය මෙරිටොක්‍රැසිය සිසිටම් එක තුළ හැදෙන්න ඉඩ දෙන්නෙ නෑ. එතකොට නවෝත්පාදන (Innovations) ඉකෝ සිස්ටම් හැදෙන්නෙ නෑ.

opinion leader

පරණ ප්‍රතිඵල උපයලා නැති බෙනිෆිට් පිරමීඩ බිඳ දාලා හැමෝට ම යහපත් ප්‍රතිළුල දෙන progressive ඉකෝ සිස්ටම් හැදීමට තමයි යාළුවනේ System Change කියන්නේ. ඒවා වෙනවා පේන්න නෑ. මගේ මව්බිම සදා දුප්පත්!

 

මේ ගැනත් හිතන්න

ඉතිං - මිතුරනි, වෙන විකල්ප නෑ. අලුත් දේශපාලන නායකයන් හදන්න. යහපත්, දක්ෂ, නිර්මාණශීලී, සමාජ ප්‍රගතියට අහිතකර බෙනිෆිට් පිරමීඩ වලින් යැපෙන්නෙ නැති, මිනිසුන් ඔබේ දේශපාලන පක්ෂය තුළ නායකත්වයට ගන්න. කඩා වැටෙමින් යන රට පුරා ඇති අන්ධකාරය පරාජය කර ගොඩනැගීමේ රිද්මය හැම හදවතක් තුළ ම අවදි කරන්න.

සංවර්ධිත රටක් ගොඩනගන්න තරුණ ඔබ ඉදිරිපත් වෙන්න. ඊට අවුරුදු 13 ක් ප්‍රමාණවත්. 7% ක Ambitious ආර්තික වර්ධන වේගයක් උපයාගැනීමයි විසඳුම. ඒක අපිට කරන්න පුළුවන්.

'ඔබගේ දරුවං ජීවත් විය යුත්තේ සංවර්ධිත රටකයි' කියල ලුවී කීවා!

උපුටා ගත්තේ Charaka Kahandawaගේ face book පිටුවෙන්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න