#jvp

  • "පංති විඥානය"-අනෙකා ගේ "විනෝදය" උදුරා ගැනීම දක්වා (මීගමුවට පසු) මාරුවීම

    පංති විඥානය යනු...

    තමන් අයත් වන සමාජ පංතියේ තත්ත්වය, අවශ්‍යතා සහ අයිතිවාසිකම් පිළිබඳ ඇති දැනුවත්කම සහ ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමට ඇති අවබෝධය යි.

  • අල්ලස් කොමිසමේ ලොක්කා ජවිපෙ නීති අංශයේ සාමාජිකයෙක්- ජවිපෙ හිටපු පාලක ලේකම් කියයි

    අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක, ජනතා විමුක්ති පෙරමුණේ නීතිය අංශයේ සාමාජියෙක් යයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාලක ලේකම් නන්දන ගුණතිලක සදහන් කරයි.

    ඔහු එ බව කියා සිටියේ 'හිරු රූපවාහිනීයේ' පැවැති දේශපාලන සංවාදයකට එක්වෙමිනි.

    එකල තමන් යටතේ නීති අංශය පැවැති බවත් එහි ලේකම්වරයා ලෙස කටයුතු කලේ සුනිල් වටගල බවත් ඊට අදාළ සියලු සාක්ෂි තමන් සතු බවත් හෙතෙම එහිදී කියා සිටියේය.

    ඊට අදාළ අත්සන් ලේඛන පවා තමන් සතුව ඇති බවද හෙතෙම අවධාරණය කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නන්දන ගුණතිලක,

     



    “අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හරහා මේක විසදා ගන්න බෑ. මම කැදවපු නීති කමිටුවේ හිටපු කෙනෙක් තමයි අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්. පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙක් විදියට මට තමයි නීති අංශය පැවරිලා තිබුණේ. නීති අංශයේ ලේකම් විදියට දැම්මේ වටගල. සාමාජිකයෙක් තමයි රංග දිසානායක.

    මම ගෙනියන්න කියන්න ඕනම තැනකට. මම ළග තියෙනවා අත්සන් ලේඛන. පුලුවන්නම් ගෙනියන්න කියන්න. එහෙම මිනිස්සු දාගත්තේ ඇයි? මේවා යට ගහන්න. දැන් මේවා ඇදෙනවානේ. දූෂණ විරෝධී පනත යටතේ මේවා එළියට එනවා කියලා දන්නවානේ. ඒක නිසා රවිලා, ශානිලා රංගලා, කස්ටම් එකට කෙනෙක් දාගත්තානේ. මේ සේරම දාගත්තේ වහගන්න”

     

     



  • ඉංග්‍රීසි පිළිබඳ ගැටලුවේ දී ජවිපෙ සහ පෙරටුගාමීන් එක සමානයි - Ideas front වීඩියෝවක්

    ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදි පක්ෂය යන පක්ෂ දෙක ම එක ම සමාජ මූලයකින් පැවත එන පක්ෂ දෙකක් බවත්, මේ පක්ෂ දෙකට ම ඉංග්‍රීසි පිළිබඳව යම් ප්‍රශ්නකාරි තත්ත්වයක් පවතින බවත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • ක්‍රමයට අනුගත වූ පාලකයින්ට පසක් කර දිය යුතු සැබෑ මාක්ස්වාදී සහ දාර්ශනික විචාරය

    මහාචාර්ය ජයදේව උයන්ගොඩගේ ‘‘මං කෙසේ පවසම්" නැමැති 71 කැරැල්ල පසුබිම් කොට ගෙන සිර ගෙදර සිට රචනා කරන ලද කවි පොතේ උත්සවය අලළා ප්‍රවීණ සිනමාවේ දී අශෝක හදගම මහතා සමාජ මාධ්‍ය වෙත මුදාහළ නිරීක්ෂණයක මෙසේ සඳහන් විය.

  • ගල්කිස්සේ මත් ස්ටිකර් සිද්ධියේ සැකකරු රිමාන්ඩ්

    ගල්කිස්ස ප්‍රදේශයේ ඩිජිටල් මුද්‍රණ ආයතනයක හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය ඇසුරැම් කිරිමට යොදාගන්නා ස්ටිකර් හා ඊට භාවිත කළ මුද්‍රණ යන්ත්‍ර සමග කොළඹ මධ්‍යම අපරාධ ඒකකය මගින් පසුගියදා අත්අඩංගුවටගත් එහි හිමිකරු අද (18) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ  (17) එම නියෝග කළේය.

  • ජවිපෙ දේශපාලනයේ නොපෙනෙන පැත්ත

    ඉතාම අදක්ෂ ජෙවිපේ ආණ්ඩුව එක ව්‍යසනයක් තව ව්‍යසනයක් බවට මල්ටිප්ලයි කරන්න වැඩි වෙලා ගන්නේ නෑ. සමස්තයක් ලෙස රට ම එක ව්‍යසනයක් බවට කෙමෙං කෙමෙං පත් වෙමින් පවතිනවා.

  • ජවිපෙ බොල්ෂෙවික් පක්ෂයක් ද...?

    ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ආණ්ඩුව විකල්ප වාමාංශික කණ්ඩායම් විසින් සලකන්නේ වමට භ්‍රෂ්ඨ වූ හෝ දක්ෂිණාංශික හැරවුමක් ගත් ව්‍යාපාරයක් ලෙස ය.

  • ජාත්‍යන්තර වේදිකාවල රටේ ගෞරවය රැකගනිමු;  නොදන්නා භාෂාවෙන් කතා කර රට අපහසුතාවයට පත් නොකරමු

    ලෝකයේ විදේශීය රාජ්‍ය නායකයින්, විදේශ කටයුතු අමාත්‍යවරුන් හෝ තම රට නියෝජනය කරමින් විදේශ රටවලට යන රාජ්‍ය නියෝජිතයින් සියලු දෙනා ම අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් කතා කළ යුතුය යන නියමයක් නොමැත.

  • ජූලම්පිටිය අමරේගේ ඇපෑල ඉවතට: ශ්‍රේෂ්ඨාධිකරණයත් මරණ දඬුවම තහවුරු කරයි

    මිනීමැරිමේ චෝදනාවකට වරදකරු වීමෙන් අනතුරුව තංගල්ල මහාධිකරණය විසින් ජූලම්පිටිය අමරේ හෙවත් ජී.ජී. අමරසිරි නැමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය අද (ඔක්: 07) තහවුරු කළේ ය.

    අදාළ දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ජූලම්පිටිය අමරේ සිය නීතිවේදීන් මාර්ගයෙන් ඉදිරිපත් කළ ඇපෑලක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

    මෙම ඇපෑල අද සලකා බැලීමෙන් අනතුරුව ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ සම්පත් විජේරත්නගෙන් සමන්විත අභියාචනාධිකරන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.




     
    2012 වසරේ කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනකු මරා දමා තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාවට ජූලම්පිටිය අමරේ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් තංගල්ල මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබී ය.




    දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවට වරදකරු කෙරුණු ජූලම්පිටියේ අමරේ නමැත්තාට 2019 වසරේ තංගල්ල මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරන ලදී.

    එම දඬුවමෙන් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ජූලම්පිටිය අමරේ සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර තිබිණි.
    එම ඇපෑල විභාග කළ අභියාචනාධිකරණය ඉකුත් වසරේ (2024) සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් තංගල්ල මහාධිකරණය විසින් ජූලම්පිටිය අමරේට පැනවූ මරණීය දණ්ඩනය තහවුරු කරමින් ඔහුගේ ඇපෑල නිෂ්ප්‍රභ කළේ ය.

    ඔහු ඉදිරිපත් කළ ඇපෑල අද සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එය විභාගයට ගැනීමට තරම් සාධාරණ නීතිමය පදනමක් අනාවරණය නොවන හෙයින් එය විභාගයට නොගෙන ම නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළේ ය.

  • නූතන වාම ව්‍යාපාරයක් අවශ්‍ය ඇයි...?

    "බෙදාගෙන මහ පොළව

  • රතු ඔක්තෝබරයේ පාඩම් - රෝහණ විජේවීර

    ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමි සමාජවාදී පක්ෂය අද (නොවැම්බර් 13) රොහණ විජේවීර ඝාතනයේ 36වන සැමරුම පවත්වනවා.

  • වරුණ රාජපක්ෂ ගේ ප්‍රකාශය පිළිබඳ ජවිපෙන් නිවේදනයක්

    ඊයේ (26) සමගි ජන බලවේගය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී වරුණ රාජපක්ෂ නැමැත්තා විසින් සිදු කොට ඇති බරපතළ සාවද්‍ය ප්‍රකාශයක් පිළිබඳව කරුණු ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කර ඇත.

  • විප්ලවවාදී රතු කමිසය යට සැඟවුණු සාම්ප්‍රදායික උපාසකයා

    ශ්‍රී ලාංකීය දේශපාලන කරළිය තුළ සදාචාරයේ සහ පිරිසිදු දේශපාලනයේ පරමාදර්ශී නියමුවන් ලෙස පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන රංගනය දෙස බලන විට පෙනී යන්නේ, බලය පිපාසය හමුවේ ඕනෑම දෘෂ්ටිවාදයක් පාවා දීමට ඔවුන් සූදානම් බවයි.

  • සංශෝධනයක නොකී කතාව

    සටහන |
    රාධිකා රත්නායක



    ජනාධිපති අනුර කුමාර දිසානායක සිය පාලනයේ පළමු කැබිනට් සංශෝධනය සිදුකරමින් ශ්‍රී ලංකාවේ දේශපාලන කරළිය උණුසුම් කළේය.


    559897244 1373002881502765 7982687714231395412 n 1
    එහෙත්, මෙම සංශෝධනය හුදු පරිපාලනමය වෙනසකට වඩා, සූක්ෂමව ගණනය කරන ලද දේශපාලන උපායක් බවට ඉඟි සපයන්නේ එහි වඩාත්ම නාටකීය සිදුවීමයි: බිමල් රත්නායක වරාය සහ ගුවන් සේවා අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම. මෙම තීරණයේ ඇති විපරීතය නම්, එය ප්‍රකාශයට පත් වූයේ රත්නායකගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් බිලියන 32ක වාර්තාගත ලාභයක් ලැබූ බවට නිවේදනය කළ දිනයේ වීමය.

    මෙම තීරණය තවත් ගැඹුරින් විමසිය යුත්තේ එය ක්‍රියාත්මක වූ කාල රාමුව තුළය. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඔක්තෝබර් 17 වන දින ඉන්දියාවේ පැවැත්වෙන NDTV ලෝක සමුළුව වැනි ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික වේදිකාවකට සහභාගී වීමට නියමිතව තිබියදීත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මීළඟ ණය වාරිකය පිළිබඳ අවසන් සාකච්ඡා අත ළඟ තිබියදීත් මෙම සංශෝධනය සිදු විය.







    දේශපාලනයේදී අහම්බයන් දුර්ලභය. එසේ නම්, මෙම පියවර අහම්බයක්ද, උපායමාර්ගික අවශ්‍යතාවයක්ද, නැතහොත් බහුවිධ පාර්ශ්ව වෙත යවන ලද සංකීර්ණ පණිවිඩයක්ද?


    මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේදී, ජනාධිපති දිසානායක මේ මොහොතේ මුහුණ දෙන බහුවිධ පීඩනයන්ගේ සංකීර්ණ ජාලය විමසා බැලිය යුතුය. ඔහු පාලනය කරන්නේ සුවපහසු බල මණ්ඩපයක සිට නොවේ; එය සෑම පියවරක්ම දේශීය හා විදේශීය වශයෙන් දරුණු ප්‍රතිවිපාක ගෙන දිය හැකි බිම් බෝම්බ සහිත බිමක ගමනක් බඳුය.

     

    imf

    රටේ ආර්ථික පැවැත්මේ ජීවනාලිය වන මීළඟ IMF ණය වාරිකය තීරණාත්මකව පවතින අතර, ඔවුන් අපේක්ෂා කරන්නේ දේශපාලන ස්ථාවරත්වය සහ දක්ෂ ආර්ථික කළමනාකරණයකි. ඒ අතරම, ශ්‍රී ලංකාවේ වරායවල චීන බලපෑම පිළිබඳව ඓතිහාසිකව සංවේදී වූ ඉන්දියාවේ අවධානයද රජය වෙත යොමු වී තිබේ.




    අගමැතිනියගේ සංචාරයට දින කිහිපයකට පෙර, චීන හිතවාදී යැයි සැලකෙන අමාත්‍යවරයා එම උපායමාර්ගික අමාත්‍යාංශයෙන් ඉවත් කිරීම ඉන්දියාව සැනසීමට ගත් පියවරක් ලෙස අර්ථ දැක්විය හැකිය. එහෙත්, හම්බන්තොට වරාය සහ කොළඹ වරාය නගරය වැනි චීන ආයෝජන මගින් ශ්‍රී ලංකාව මත සැලකිය යුතු බලපෑමක් පවතින බැවින්, මෙම තීරණය බීජිනය විසින් අර්ථකථනය කරනු ලබන්නේ කෙසේද යන්න තවත් ප්‍රශ්නයකි. මේ සියල්ලට අමතරව, ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය සන්ධානය තුළ පවතින දෘෂ්ටිවාදී සහ ප්‍රායෝගික මත ගැටුම්ද මෙම තීරණයට හේතු වන්නට ඇත.

     

     

     

    NPP 251007ඡායා : Shehan Gunasekara

    මෙම සියලු පීඩනයන්ගේ කේන්ද්‍රීය චරිතය බවට බිමල් රත්නායක පත්වන්නේ ඔහුගේ දේශපාලන අනන්‍යතාවය හේතුවෙනි. ඔහු හුදෙක් අමාත්‍යවරයකු නොව, ජවිපෙ දෘෂ්ටිවාදී හෘදය සාක්ෂිය නියෝජනය කරන, '89 අරගලයේ උරුමය තුළින් පක්ෂයේ මූලික සාමාජිකත්වය අතර නොසැලෙන පිළිගැනීමක් ඇති නායකයෙකි. ඔහුගේ පැහැදිලි චීන හිතවාදී ස්ථාවරය සහ රටේ සංවේදීම ආර්ථික මර්මස්ථාන පාලනය කිරීම, ජනාධිපතිවරයාගේ උපායමාර්ගික නම්‍යශීලීත්වයට බාධාවක් ලෙස පෙනී ගියා විය හැකිය.

     

    bimal rathnayake

    එසේ නම්, සාර්ථක, දෘෂ්ටිවාදීව ශක්තිමත්, සහ උපායමාර්ගිකව වැදගත් අමාත්‍යවරයකු ඉවත් කරන්නේ ඇයි? සමහරවිට, එම හේතු නිසාමය. බහුවිධ පාර්ශ්වයන් සමග එකවර ගනුදෙනු කිරීමේදී, පැහැදිලි නැඹුරුවක් ඇති ප්‍රබල චරිතයක් ඉවත් කිරීමෙන් "උපායමාර්ගික අවිනිශ්චිතභාවයක්" නිර්මාණය කළ හැකිය. එමගින්, ඉන්දියාවට, චීනයට, IMF සංවිධානයට සහ දේශීය පාර්ශ්වයන්ට පවා තමන්ට රිසි අර්ථකථනයක් ලබා ගැනීමට ඉඩ සැලසේ.




     

    ජනාධිපති දිසානායකගේ මෙම පියවර, තනි පිළිතුරක් නොමැති ප්‍රශ්න මාලාවක් ඉතිරි කරයි. මෙය ඉන්දියාවට යැවූ පූර්ව-සංඥාවක්ද? IMF සංවිධානයට තමන් සතු පරම බලය පෙන්වීමක්ද? නැතහොත්, කලකට පෙර කැබිනට් සංශෝධනයක් ඉල්ලා සිටි රත්නායක මහතාටම එරෙහිව දියත් කළ අභ්‍යන්තර බල අරගලයක අවසානයද? මෙම සෑම අර්ථකථනයක්ම යම්තාක් දුරට සත්‍ය විය හැකිය. බාහිර ලෝකයට නොපෙනෙන පීඩනයන්ට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා මෙම තීරණය ගත්තා විය හැකිය. නැතහොත්, තමන්ගේ නායකත්වය සහ පාලනය පිළිබඳව සියලු පාර්ශ්වයන්ට පැහැදිලි පණිවිඩයක් ලබා දීමට ඔහුට අවශ්‍ය වන්නට ඇත.

     




     අවසානයේ ඉතිරිව ඇත්තේ එක් ස්ථිර දෙයක් පමණි: එනම් ශ්‍රී ලංකාවේ දේශපාලන අනාගතය වෙන කවරදාටත් වඩා අවිනිශ්චිත බවයි. මෙම අවිනිශ්චිතභාවය, ජනාධිපතිවරයාගේ සැලැස්මේ අසාර්ථකත්වයක් නොව, සමහරවිට එහි අපේක්ෂිත සාර්ථකත්වයම විය හැකිය. සියල්ලන්ම අනුමාන කරමින් සිටින විට, සැබෑ බලය ඇත්තේ තීරණ ගන්නා තැනැත්තා අතේය. ඊළඟට කුමක් සිදුවේදැයි බලා සිටීම හැර අන් විකල්පයක් නොමැත.

  • සෝමවංශ අමරසිංහ අප අතරින් වෙන්වී වසර දහයකි

    රෝහණ විජේවීර ගේ ඝාතනයෙන් ඉක්බිති ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ නායකත්වය වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පවරන තෙක් එම පක්ෂයෙහි නියකත්වය දැරුවේ සෝමවංශ අමරසිංහ ය. ඊයේ ඔහු අප අතරින් වෙන්ව ගොස් හරියට ම දස වසරකි.

    මතු පළ වන්නේ එය නිමිති කරගනිමින් රෝණ විජේවීර ගේ පුත්, දෙවන පරපුර පක්ෂ නායක උවිඳු විජේවීර තැබූ සටහනකි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න