රටකට වඩා ලොකු මිනිස්සු බිහිවෙන්නේ කලාතුරකින්..!

රටකට වඩා ලොකු මිනිස්සු බිහිවෙන්නේ කලාතුරකින්..!

'බිතෝවන් සංගීත සංධවනි කළා වගේ, මයිකලාන්ජලෝ චිත්‍ර ඇන්ද වගේ මම ෆුට්බෝල් ගැහුවා' කියල පේලේ වතාවක් කියල තියනවා. ඒ කියන්නේ තමන් කරපු දේ ඇත්තටම බොක්කෙන් කළා කියන එක.

ෆුට්බෝල් ක්‍රීඩාව වෙනුවෙන් ඇදවැටුණ පේලේ ඒ ක්‍රීඩාව එක්ක ඇත්තටම අනන්‍ය වුණා. ජීවත් උණා. ඒ නිසා ෆුට්බෝල් ක්‍රීඩාව එක්ක කියවෙන සමාන්තර තව නමක් බවට පේලේ පත්වුණා. 'ෆුට්බෝල් නම් පේලේ, පේලේ නම් ෆුට්බෝල් ' වගේ.

පේලේ තමන්ගේ ක්‍රීඩාව විතරක් නෙවෙයි තමන්ගේ කණ්ඩායම, තමන්ගේ ක්‍රීඩා සමාජය, තමන්ගේ රට යන මේ සියල්ල ලෝකේ ඉස්මත්තට ම ගෙනිච්ච. බ්‍රසීලය කියන නම ලෝකේ මිනිස්සු අතර කියවෙන නමක් කරන්න පේලේට පුළුවන් උණා. එහෙම මිනිස්සු බිහිවෙන්නේ කලාතුරකින්.

රටකට වඩා ලොකු මිනිස්සු බිහිවෙන්නේ කලාතුරකින්. පේලේ එහෙම කෙනෙක්.

රටකට සදාකාලික - අමරණීය ජයග්‍රහණ ගේන්න පුළුවන් මිනිස්සු බිහිවෙන්නේ කලාතුරකින්. පේලේ එහෙම කෙනෙක්. ඊළඟ පරම්පරාවට තමන්ගේ කලින් පරම්පරාව දිහා බලල මෙහෙම කෙනෙක් වෙන්න ඕනි කියල උදාහරණ සපයන්න පුළුවන් මිනිස්සු බිහිවෙන්නෙත් කලාතුරකින්. පේලේ එහෙම කෙනෙක්.

එයාගේ ශෛලිය ෆුට්බෝල් ක්‍රීඩාව වෙනස් කළා. එතනින් පස්සේ ඒ ක්‍රීඩාව තවදුරටත් පැරණි ක්‍රීඩාව උණේ නැහැ. යමක් තීරණාත්මක ලෙස වෙනස්කරපු සහ කරන්න පුළුවන් මිනිස්සු බිහිවෙන්නෙත් කලාතුරකින්. පේලේ එහෙම කෙනෙක්.

මුළු ලෝකයක ආදරය දිනාගන්න පුළුවන් මිනිස්සු බිහිවෙන්නෙත් කලාතුරකින්. පේලේ එහෙම කෙනෙක්.

බ්‍රසීලයේ දුප්පත්ම පවුලකින් ඇවිල්ල ලෝකයක් ඉදිරියේ තමන් හදවතින් දුප්පත් නැහැ කියල පෙන්නන්න පුළුවන් හයිය මිනිස්සු බිහිවෙන්නෙත් කලාතුරකින්. පේලේ එහෙම කෙනෙක්.

පේලේ දිහා බලල මිනිසෙකුට කොච්චර දේවල් කරන්න පුලුවන්ද කියල ඉගෙන ගන්න. හැබැයි පේලේ වෙන්න එපා. ඔයා ඔයා බවට පත්වෙන්න.

සුබ ගමන් පේලේ. ආදරෙයි...❤️

මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.