Image

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගොඩගැනීමේ මෙහෙයුම අරඹයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගොඩගැනීමේ මෙහෙයුම අරඹයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ (SriLankan Airlines) නව වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී (Acting CEO) ලෙස පසුගියදා පත් කරන ලද විපුල් මිස්රා (Vipul Misra) සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු අතර විශේෂ හමුවක් පසුගිය 15වන දා ශ්‍රී ලංකන් ගුවන් සමාගම් පරිශ්‍රයේ දී පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස් මංගල ද සහභාගී විය.

මෙම හමුවේ දී ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම, මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සහ මහජනතාව තුළ ගුවන් සමාගම පිළිබඳ පවතින විශ්වාසය යළි ගොඩනැගීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේ ය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ රටේ ජාතික සම්පතක්, එය පාඩු ලබන ආයතනයක් ලෙස තවදුරටත් පවත්වාගෙන යෑමට අපට නොහැකි බවත් නව කළමනාකාරීත්වය සමග එක්ව, විනිවිදභාවයෙන් සහ වෘත්තීයභාවයෙන් යුතුව මෙම ආයතනය ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීම අපගේ අරමුණ බව නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු අවධාරණය කර සිටියේ ය.

මේ සඳහා අවශ්‍ය සියලු දේශපාලන නායකත්වය ලබා දීමට තමා ඇතුළු රජය සූදානම් බවත්, ජනතා මුදලින් නඩත්තු වන ආයතනයක් ලෙස ජනතාවට වගකියන ආයතනයක් බවට පත් කිරීමට කැප වී රාජකාරී සිඳු කරන බව නියෝජ්‍ය අමාත්‍යතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

මාධ්‍ය අංශය - වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය

sla

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න