බොක්සිං ඩේ ගැන දන්නවාද ?

බොක්සිං ඩේ ගැන දන්නවාද ?

නත්තල් දිනයට පසු දවස ඒ කියන්නේ දෙසැම්බර් 26 හඳුන්වන්නේ බොක්සිං ඩේ විදිහට. බොක්සිං ඩේ සම්ප්‍රදාය ඇතිවෙන්නේ මහා බ්‍රිතාන්‍යයේ එන සම්ප්‍රදායක් විදිහටයි.
විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවෙදි බොක්සිං දිනයේදී ගොඩක් දුරට ක්‍රිකට්තරඟ පැවැත්වෙනවා. ශ්‍රී ලංකා⁣වත් බොක්සිං දිනයේදී ක්‍රිකට් තරඟ කීපයකටම සහභාගී වෙලා තියෙනවා.

අපි ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ BOXING DAY කියන්නේ බොක්සිං ක්‍රීඩාවත් එක්ක සම්බන්ධ දෙයක් කියලයි. ඇත්තටම BOXING DAY කියන්නේ බොක්සිං ක්‍රීඩාවට සම්බන්ධ දෙයක් නෙවෙයි.

බොක්සිං දිනය ඇතිවෙන්නේ මෙහෙමයි....

මහා බ්‍රිතාන්‍යයේ ආයතනවල එක්දහස් අටසිය ගණන්වල දී නත්තල වෙනුවෙන් තම සේවකයන්ට නිවාඩු ලබා දෙන්නේ නත්තලට පස්සේ. ඉතින් ඒ අය තම හිතමිතුරන්ට තෑගිබෝග ලබාදෙන්න වෙන්නේ නත්තලෙන් පස්සේ. නත්තල් දිනයේ මේ අය සම්ප්‍රදායානුකූල කටයුතු වල නිරත වෙලා ඉඳලා නත්තලට පසු දවසේ තමයි තමන්ගේ හිතමිතුරන්ට දෙන තෑගි බෝග ඇසුරුම් කරන්නේ. ඉතින් ඒ තෑගි බෝග පෙට්ටිවලට දාලා අසුරන දිනය තමා එතකොට BOXING DAY කියන්නේ.. ඒ කියන්නේ බොක්ස් ඉන් දිනය තමයි පසු කාලයේදී BOXING DAY විදිහට හඳුන්වන්⁣න පටන් ගන්නේ.

ඉතින් ඔබටත් පුළුවන් තමන්ගේ හිතමිතුරන්ට BOXING DAY එකේදි තෑග්ගක් දීලා ඒ අය සතුටු කරන්න.

දිලංක ගුණතිලක ගේ ෆේස්බුක් ගිනුමෙනි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න