Language Switcher

V2025

මුතුරාජවෙල අභයභූමිය වටෙිට විකුණයි

මෙම දුෂිත ආයතනය විසින් ලංකාෙවිද පරිසරය නසමින් සිදුකිරීමට යන මෙම ව්‍යාපෘතිය නිසා මුතුරාජවෙල වගුරු භූමියට හානි සිදුවන අතර මෙහි ජීවත් වන මත්ෂ්‍ය විශේෂ 40 ක් ,ගෙමිබන් විශේෂ 15, උරග විශේෂ 31, සංචාරක පක්ෂින් ඇතුළු කුරුන්‍දා විශේෂ 102, ක්ෂිරපායී විශේෂ 23 හා කඩොලාන විශේෂ 15 ආසන්න ප‍්‍රමාණයකට බලපෑමි සිදුවන අතර අවට ප‍්‍රදේශ වල සිටින ජනතාවටද එය හානිදායී තත්වයක් උදා කරයි ...

මුතුරාජවෙල වැදගත් ඇයි

මුතුවැනි සම්බාවලින් අටුකොටු පිරවූ යුගයක් සුද්දා මෙරටට පය ගැසීමට පෙර තිබුණ බවට සාක්ෂි පවතී.

ගුවීෆ් හැමිල්ටන් ආණ්ඩුකාරවරයා 1802 දී මෝඩ ඇළ සංවර්ධනයට මුල පිරීය. කැලණි ගඟ හා මීගමුව කළපුව අතර ප‍්‍රදේශය මෙමඟින් ආවරණය විය. මෝඩ ඇළ (පසුව හැමිල්ටන් ඇළ* තැනූ පසු වෙනදා බලාපොරත්තු වූ සශ‍්‍රීකත්වය මුතුරාජවෙලින් බලාපොරොත්තු වීමට නොහැකි වූයේ මෝඩ ඇළ දිගේ කරදිය රට ඇතුළට ගලා ඒමෙන් වගා කටයුතු කිරීම අපහසු වූ නිසාය.

එම නිසාම වසර දෙසීයක් පමණ කාලයක් පුරාවට කුඹුර වගා කටයුතු සඳහා මේ ඇළ ජලය යොදාගත්තේ නැත. නමුත් පුරන් කුඹුරු, ඇළවල් හා ගං මෝයවල් ආශ‍්‍රීතවත් මීගමුව කළපුවට යාබදවත් ජෛව විවිධත්වයෙන් ඉහළ කඩොලාන පරිසරයක වසර ගණනාවක් තිස්සේ විවිද සතා සිව්පාවාට නිවහනක් වූ බව නොරහසකි. විවිධ පක්ෂීන්, වලිකුකුළන්, කඩොලාන පරිසරයට ආවේණික ජෛව විවිධත්වය හා සොඳුරු පරිසරයේ වටිනාකම සොයාගනිත්ම මුතුරාජවෙල අභය භූමියක් බවට පත්කිරීමට පරිසරයට හිතැති මිනිස්සු උත්සූක වූහ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමෙන්තුව යටතේ පාලනය වන මුතුරාජවෙල අභය භූමිය ආරක්ෂා කිරීමේ වගකීම පරිසර අමාත්‍යංශයට හා මධ්‍යම පරිසර අධිකාරියට පැවරී තිබේ. 2009 පෙබරවාරි මස ආණ්ඩුවේ ප‍්‍රබල ඇමැතිවරයකු වූ ෆීල්ක්ස් පෙරේරාගේ මූලිකත්වයෙන් මීගමුව කොරල් ගුල ප‍්‍රදේශයේ කඩොලාන කපා ඉවත් කර හෝටල් ව්‍යාපෘතියක් තැනීමට දැරූ උත්සාහයක් අප විසින්ම සොයා ගන්නා ලදී. අද වන විට ජනතාවට කොකා පෙන්වමින් සමස්ත මුතුරාජවෙල අභය භූමියම විනාශ කිරීමට රාජ්‍ය මැදිහත්වීම සිදුවෙමින් තිබේ.

2004 වර්ෂයේ දී ඉන්දීය රජය විසින් තහනම් කරන ලද ඉන්දියනු ෆාම් තෙල් ශුද්ධාගාර කිහිපයක් අද වන විට මුතුරාජවෙල අභය භූමිය තුළ ස්ථාපිත කර ඇත. මැලේසියාවේ හා ඉන්දියාවෙන් ෆාම් තෙල් මෙරටට ගෙන්වා ඒවා භාවිතයට ගත හැකි ලෙස සකස් කිරීම මෙම කර්මාන්ත ශාලා තුළදී සිදුකරයි. එලෙස තෙල් පවිත‍්‍ර කිරීමේ කටයුතුවලදී දහනය වන දුම මුතුරාජවෙල අභය භූමිය පමණක් නොව මුළු ප‍්‍රදේශය පුරාම දැඩි දුගඳක් පතුරුවයි.

මෙලෙස දුම් මුදවා හැරීමට නිසි ප‍්‍රමිතීන් ඇතත් එය බල්ලෙකු තරම්වත් නොසලකා හරිමින් පරිසරයට මුදාහැරීමට කර්මාන්ත හිමියෝ අද වන විට කටයුතු කරමින් සිටිති. එම නිසාම මුතරාජවෙල අවට ජනතාවට ජීවත්වීමට මහත් හිරිහැරයක් වී ඇත්තේ හුස්ම ගැනීමට පවා ඇති අපහසුතාවය නිසාය. එයින් පීඩාවට පත්වන ජනතාව මෙම කර්මාන්ත වසා දමන ලෙස උද්ඝෝෂණය කළද වගකිවයුත්තන් නිහඩව සිටීම ද ගැටලූසහගත තත්වයක් නිර්මාණය කිරීමට සමත් වී ඇත.

ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඇතුළු පිරිසක් ප‍්‍රදේශයේ දේශපාලකයනුත් අභය භූමිය තුළ කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට දෙන දායකත්වය නිසා නීතිවිරෝධි කර්මාන්ත ශාලා නිරුපද්‍රදාව තවදුරටත් පවත්වාගෙන යමින් පවතින මොහෙතක ඉංදියානු සමාගමි සදහා නැවත්ත් රජය විසින් ඉඩමි ලබාදීම සිදුකරමින් ඇත

වෙනත් රටවලින් පලවා හරින කර්මාන්ත ශාලා අපගේ රටේ ස්ථාපිත කිරිමට අවසර ලබා දීමට තරම් අපේ රටේ පාලකයෝ පෙළඹී ඇත්තේ බඩකට පුරවා ගැනීමට ඕනෑකරන විදේශ මුදල්ටික සාක්කුවට දමා ගැනීමට විය හැකිය.

මුතුරාජවෙල අභය භූමියේ ජෛව විවිධත්වය පිළිබඳ අබමල් රේණුවක් තරම්වත් තැකීමක් නොකරන පාලකයන්ගේ ගොන්කම් නිසා අදවන විට මුතුරාජවෙල අභය භූමියේ හා අභය භූමි මායිම් තුළ ෆාම් ඔයිල් ශුද්ධාගාර හා යකඩ උණුකරන කර්මාන්ත ශාලා 6 ක් පිහිටුවා ඇත. මෙම කර්මාන්ත ශාලා හයක් උස්වැටකෙයියාව ප‍්‍රදේශයේ මෝඩ ඇළට මායිම්ව තිබේ.

මෙලෙස ඉදිකර ඇති කර්මාන්ත ශාලා අතර 01 ණගක්‍ගක්‍ ඉන්ජිනියරින් 02 ඬේරිබියම් ප‍්‍රයිවට් ලිමිටඞ් 03 වෙයාර් ඔයිල් ප‍්‍රයිවට් ලිමිටඞ් 04 රෙයාර් ඔයිල් ප‍්‍රයිවට් ලිමිටඞ් 05 ී.ඍ මැටල් ප‍්‍රයිවට් ලිමිටඞ් යන කර්මාන්තශාලා ප‍්‍රධාන වශයෙන් මුතුරාජවෙල අභය භූමියට වින කටින දේශපාලන බලපුළුවන්කාරකම් උපයෝගී කරගනිමින් ඉදිවූ ඒවාය. මෙම කර්මාන්තශාලා මඟින් බැහැර කරන අපද්‍රව්‍ය මුතුරාජවෙල අභය භූමිය තුළට ම බැහැර කරන අතර ෆාම් ඔයිල් කර්මාන්තශාලාවලින් බැහැර කරන අපද්‍රව්‍ය නිසා මුතුරාජවෙල තුළ ඇති ජල මූලාශ‍්‍රවලට තෙල් මිශ‍්‍ර වී ඇත.

වනසත්ව හා හා වෘක්ෂලතා ආඥාපත පරිසර පනත වැනි පරිසර සංරක්ෂණය උදෙසා ඇති අණපනත් නීති රීති ගණනාවක් මෙම අනවසර ක‍්‍රීයා නිසා උල්ලංඝනය කිරීමට පරිසරය සංරක්ෂණය වෙනුවෙන් යැයි පෙනී සිටින පරිසර අමාත්‍යංශ්‍ය හා මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කර ඇතග

1996.10.31 වැනි දින අභය භූමියක් ලෙස නම් කරන ලද මුතුරාජවෙල අභය භූමිය හෙක්ටයාර් 2569 විශාල බව භ්එසදබ්ක උැඑක්බා ෘසරුජඑදරහ දෙ ීරස ඛ්බන්බ කෘතියේ සඳහන් කර ඇත. මෙම කෘතිය මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ප‍්‍රකාශයට පත්කොට ඇත. එසේ වූවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ප‍්‍රකාශයට පත්කර ඇති ශ‍්‍රී ලංකාවේ තෙත් බිම් නමැති අත්පත‍්‍රීකාවට අනුව මුතුරාජලෙ අභය භූමියේ පළමුවැනි කොටස හෙක්ටයාර් 1028.6ක් ලෙසත් දෙවන කොටස හෙක්ටයාර් 256.8ක් ලෙසත් නම්කර ඇත.

මුතුරාජවෙල සංරක්‍ෂණය කෙසේවෙතත් පරිසර අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතන දෙක තුළ මුතුරාජවෙල සම්බන්ධයෙන් ඇති දත්තවල පවා වෙනස්කම් දැකිය හැකිය. මෙලෙස ඇති දත්තවල වෙනස්කම් නිසාම මුතුරාජවෙල අභය භූමියේ සීමා මායිම් නිසි ලෙස සටහන් වී නොමැති වීමත් නීතිය ක‍්‍රීයාත්මක නොවීමත් විදේශිකයන්ට මෙන්ම මෙරට දේශපාලකයන්ටත් අභය භූමිය විනාශ කිරීමට පහසු වී ඇත. එමෙන්ම ඉහත දී පෙන්වාදුන් කර්මාන්තශාලා තුළ සේවය කිරීම සඳහා ශ‍්‍රමිකයන් ගෙන්වන්නේ ද ඉන්දියාවෙනි.

ලංකාවේ සාරය උරා බොමින් පිටරටට කත් අදිමින් දේශීය සම්පත් විනාශ කිරීමට උඩගෙඩි දෙන පාලකයන් පසුගිය මැතිවරණ සමයේදී දුන් පොරොන්දු ඉටුකිරීමක් ලෙස මුතුරාජවෙල අභය භූමියේ ඉඩම් බෙදාදීමට කටයුතු කර තිබේ. මෙය වන සතුන්ගේ වාසස්ථානයකි. වන සතුන් දඩයම් කිරීම, වෙඩි තැබීම, මාළු අල්ලා ගැනීම, ඒ සඳහා උගුල් අටවා තැබීම, පක්ෂීන්ගේ බිත්තර ගැනීම වැනි ක‍්‍රීයා දඩුවම් ලැබිය හැකි වරදක්” යනුවෙන් වනජීවී අධ්‍යක්ෂකවරයාගේ අණ යටතේ පිහිට වූ පුවරු ප‍්‍රදේශය පුරාම දැකගැනීමට හැකිය.

අද වන විට සුළු වර්ෂාවකදී වූවද කොළඹ නගරය අඩිගණනක් යටවන්නේ ප‍්‍රදේශයේ ජලය බැසගිය මුතුරාජවෙල වගුරු භූමිය තුළ පිහිටි කර්මාන්තශාලා,නිවාස, හෝටල් ආදිය නිසා ජලය ගලා යෑම අවහිර වී ඇති නිසාය.

කොළඹ ගංවතුර තත්වය පාලනය කිරීමට තිබූ මහඟු සම්පතක් වූ මෙම වගුරු ප‍්‍රදේශය හරහා 2005 වන විට අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට චන්ද්‍රීකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය සැලසුම් සකස් කිරීමට වැලි ටොන් ලක්ෂ ගණනක් මුතුරාජවෙල අභය භූමිය තුළ ගොඩගසන ලදී. ජාතික ධනය මෙන්ම\ පරිසරයද අමු අමුවේ විනාශ කළ මෙම ව්‍යාපෘතිය නිසා මුතුරාජවෙල අභය භූමියෙන් කොටසක් විනාශ විය.

ඔදා සිට අද දක්වා සියළු පාලකයන් විසින් සංරක්ෂණය කලයුතු කොළඔට ආසන්න ඉතාමත් වටිනා වගුරු භූමයක් මෙලෙෂ ඉඩම ගෙඩ කිරීම හා පිටරටුන්ට ලබාදීම නිසා අද දවස වන විටත් විනාශ කරමින් ඇත.

රවින්ද්‍ර කාරියවසම්