Language Switcher

V2025

භාරත ගීත කෝකිලාවියටත් කොරෝනා

ඉන්දීය ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර් මහත්මිය ‘කොවිඩ් 19’ ආසදනය මුම්බායි රෝහලක සැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

92 හැවිරිදි ලතා මංගේෂ්කාර් මහත්මිය ඇතුළත් කෙරුණේ මුම්බායි නුවර ‘බ්‍රිච් කැන්ඩි’ රෝහලටය. ඒ, ‘කොවිඩ් 19’ පරීක්ෂණයක් සඳහා යොමු කිරීමෙන් පසු ඇය ආසාදිතයකු බව තහවුරු වීමෙනි.

ලතා මංගේෂ්කාර් මහත්මියට ඇත්තේ සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් පමණක් බවත්, වෛද්‍යවරුන් ඇය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත්තේ ඇගේ වයස කෙරෙහි අවධානය යොමු කරමින් බවත් මංගේෂ්කාර් මහත්මියගේ ඥාති දියණිය රචානා ෂා මාධ්‍ය හමුවේ තහවුරු කර ඇත.