Language Switcher

V2025

'ඇසතු ගහ යට පහර කෑ ප්‍රේමය' එළිදකියි

කිවියර කපිල එම්. ගමගේ විසින් ලියූ "ඇසතු ගහ යට පහර කෑ ප්‍රේමය" කාව්‍ය සංග්‍රහය ඔක්තෝබර් 5 වැනි අඟහරුවාදා දින එළිදැක්වීමට නියමිත ය.

ඒ මරදාන සුරස පොත් මැදුරේ දී ය.

"ඇසතු ගහ යට පහර කෑ ප්‍රේමය" ඔහුගේ සත්වැනි කාව්‍ය සංග්‍රහය යි.

අසූව දශකයේ දී කාව්‍යකරණයට පිවිසි කපිල එම්. ගමගේ තවත් මිතුරන් තිදෙනෙකු සමඟ එක්ව පළ කළ ‘අසික්කිතයාගේ සිහිනය’ ඔහුගේ පළමු කාව්‍ය කෘතියයි. 1995දී ‘දෙවියන්ට පළි ගැසූ ගැහැණිය’, 2013 දී ‘හේමන්ත නිද්‍රාව’, 2014 දී ‘විසිරි වලාකුළු’, 2016 දී ‘‘තෙරියුම් කෝකිලා” සහ 2019 දී “මුහුදට මුහුණ ලෑ සොහොනකි” ඔහු අතින් ලියවුණු සෙසු කවි කෘතීන් ය.

"ඇසතු ගහ යට පහර කෑ ප්‍රේමය" කෘතියේ කවර නිර්මාණය ප්‍රගීත් රත්නායක විසිනි.

කතුවරයාගේ අත්සන සහිහව මෙම කෘතිය දැන් ඇණවුම් කළ හැකි අතර විශේෂ වට්ටම් සහතව ඇණවුම් කිරීමට www.surasa.lk වෙබ් අඩවියට පිවිසෙන්න.