Language Switcher

V2025

ප්‍රවීණ සංගීතවේදී සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි !

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක ප්‍රවීණ ගායන ශිල්පි , සංගීතඥ සුනිල් පෙරේරා අභාවප්ප්‍රාප්ත වී තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්ප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 69 කි.

සංගීතඥ සුනිල් පෙරේරා සංගීත කලාව පෝෂණය කළ මෙරට කණ්ඩායම් සංගීතයේ පුරෝගාමියෙකි.

1952 සැප්තැම්බර් 14 වනදා උපන් සුනිල් පෙරේරා  පුතුන් දෙදෙනෙකුගේ සහ දියණියන් දෙදෙනෙකුගේ පියෙකි.

සමාජ ආසාධාරණයට එරෙහිව නිරන්තරයෙන් පෙනී සිටි සුනිල් පෙරේරා, ගීතයෙන් සිය අදහස් සමාජගත කළේ ය.

වඩු වැඩෙන් දිවි රකින, ලුණු දෙහි, පැරදුනේ මං, බොමු අපි කොත්තමල්ලී, පිටිකොටපන් නෝනේ, මගේ නර්ස් නෝනා, තාත්ත මට ඇනපු ටොක්ක වැනි අතිශය ජනප්‍රිය ගීත සුනිල් පෙරේරාගේ නිර්මාණ අතර, සුවිශේෂයි.