Language Switcher

V2025

ලොව අංක එකේ වනජීවී ඡායාරූප තරගයෙන් ලාංකීකයන් දෙදෙනෙකුට ජුරියේ විශේෂ පැසසුම්

ලෝක ඡායාරූප ශිල්පින්ගේ සිහිනයක් බඳූ වූ BBC wildlife photographer of the year 2021 තරගයේ ප්‍රදර්ශන මට්ටමට හා ජුරියේ විශේෂ පැසසුමට (Highly Commended) ලක්වීමට ශ්‍රී ලාංකීක ඡායාරූප ශීල්පිණීයකට හා මෙරට ළාබල ඡායාරූප ශිල්පියෙකුට මෙවර හැකියාව ලැබි ඇත.

ඒ බුද්ධිනී ඩී සොයිසා හා ගඟන වික්‍රමසිංහ යන දෙදෙනාට ය.

මෙම දෙදෙනාගේ ඡායාරූප හැරෙන්ට මෙම තරගය සඳහා මීට පෙර මෙවැනි ජයග්‍රහණයකට උරැමකම් කියු(2002) එකම ශ්‍රී ලාංකීයා වුයේ රුක්ෂන් ජයවර්ධනය.

ඔහුගෙන් පසුව මේ සඳහා මේ ආකාර සුදුසුකමක් ලද දෙවැනි හා තෙවැනි ශ්‍රී ලාංකීකයන්වන්නේ බුද්ධිනී හා ගඟන ය.

බුද්ධිනී ඩී සොයිසා මහත්මියගේ 'A Great Swim' නමින් පළ කරන ලද ඡායාරූපය හා ගඟන වික්‍රමසිංහගේ 'Lockdown chicks' නමින් පළ කරන ලඳ ඡායාරෑපය මෙවර අංශ දෙකක් යටතේ ජුරියේ විශේෂ පැසසුමට ලක්ව ඇත.

ලොව පුරා අති දක්ෂ ඡායාරෑප ශීල්පින්ගේ ඡායාරූප 55000ක් අතරින් මෙම ඡායාරූප යුගලය අවසන් කිහිපය අතරට පැමිණ ඇත.

මෙහි තවත් විශේෂත්වය වන්නේ ගඟන වයස අවුරැදු 11ක කුඩා දරුවෙකු වීම ය.

ගඟන ලංකාවේ ප්‍රවීන උරග විද්‍යාඥණයෙකු වන මෙන්ඩිස් වික්‍රමසිංහ මහතාගේ කනිටු පුත්‍රයා ය.

 120344816 gagana mendis wickramasinghe wpy

 120344817 buddhilini de soyza wpy