විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නම් අපිත් උදවු කරනවා - සාධාරණ සමාජයක්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නම් අපිත් උදවු කරනවා - සාධාරණ සමාජයක්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදි ජනරජයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවට අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය පාර්ලිමේන්තුවේ දී කළ සහතික වීම පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ජතික ව්‍යාපාරය අතිශයින්ම සතුටට පත්වන බවත්, එමෙන් ම රජයේ එම ක්‍රියාමාර්ගයට සුබ පතන අතර ම සංවිධානයක් ලෙස ඔවුන්, ඔවුන් ගේ උපරිම සහාය ද පළ කරන බව ද සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

එබඳු ප්‍රජාතන්ත්‍රවාදි, බහු පාර්ශ්වීය ප්‍රවේශයකට අනුගතව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන ක්‍රියාවලියක් වර්තමාන රජය විසින් ඉදිරියට ගනු ලබන්නේ නම්  එයට සහය ලබාදීම සඳහා එම සංවිධානය ද ඇතුළුව සිවිල් සමාජ ව්‍යාාපාරය ද පෙරට එන බවට සහතික කල හැකි වන අතර එවැනි පිළිවෙතකට රජය යොමු වන්නේ නම් එය ජනාධිපතිවරයා වෙත මෙන් ම රජය වෙත ද විශාල ගෞරවයක් වන බව ද සඳහන් කරන්නට කැමති බව එම ව්‍යාපාරයේ මහ ලේකම් සුනිල් ජයසේකර ගේ අත්සනින් යුත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

මතු පළ වන්නේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.


na1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න