දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් කාලගුණ විද්‍යාඥයින් කල් තබා නිසි ලෙස අනාවකි නොකී බවට වගකිව යුතු අංශ වලින් මෙන්ම තවත් පාර්ශ්ව ගණනාවකින් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදාළ තත්ත්වය පැහැදිලි කරමින් කාලගුණ විද්‍යාඥයෝ නිවේදනයක් නිකුත් කරති.
'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය, පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා 'Rebuilding Sri Lanka' ජනාධිපති කාර්ය සාධක බළකාය ස්ථාපිත කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඊයේ (31) පස්වරුවේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.
දිස්ත්‍රික්ක 25කට බලපෑම් එල්ල කරමින් ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ගංවතුර හේතුවෙන් සිදුවු හානිය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නවතම වාර්තාවක් එළිදක්වා තිබේ.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා කඳුරට මලෛයිගම් ජනතාව විසින් රුපියල් ලක්ෂ 10ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.
2025 නොවැම්බර් 28 වන දින ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් රට පුරාම දරුණු ගංවතුර, නායයෑම් හා විශාල හානි සිදු විය.
"දිට්වා" සුළි කුණාටුවේ බලපෑම නිසා ඇති වූ අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් මෙරට වෙරළ තීරයේ කිලෝමීටර් 143.03ක ප්‍රමාණයක් දූෂණයට ලක්වී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන සඳුදා (16) තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
"දිට්වා" සුළිකුණාටුව ඊයේ (29) ප.ව.11.30 වන විට යාපනය සිට 130 kmක් උතුරු දෙසින් , අක්ෂාංශ 10.7°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අමෙරිකානු ගුවන් හමුදාවේ 36වන හදිසි ප්‍රතිචාර කණ්ඩායමේ (CRG) 'C-130J' සුපර් හර්කියුලිස් ගුවන් යානා 2ක් ඊයේ (7) පස්වරුවේ කටුනායකට පැමිණියේය.
අයහපත් කාලගුණය නිසා දිවයින පුරා පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය ඇතුළු සියලුම විභාග දින නියමයක් නොමැතිව කල් දමන ලෙස ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය ප්‍රකාශ කළාය.
පසුගිය දිනවල ශ්‍රී ලංකාව පුරා ඇති වූ අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 635 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරයි.
ආපදා හේතුවෙන් සිදුවූ මරණ ගණන 390ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ ව්‍යසනකාරී තත්ත්වය හමුවේ මාර්ග අවහිර වීමෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් ගමන්වාර 1,500ක් පමණ අවලංගු වූ වී තිබේ.
දිට්වා සුළි කුණාටුවෙන් වුණු හානි වෙනුවෙන් ජනතාවට වන්දි සහ සහන සලසන්න රුපියල් බිලියන 500ක අමතර මුදලක් පාර්ලිමේන්තුව හරහා අනුමත කරගන්න රජය පසුගියදා කටයුතු කළා. 2026 අයවැයට අමතරව, පරිපූරක ඇස්තමේන්තුවක් හැටියටයි මේ අනුමත කරගැනීම සිදු වුණේ.
දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ සියලු දිස්ත්‍රික්කවල පාසල් දරුවන්ට ජනපති අරමුදලින් පිරිනැමෙන රුපියල් 10,000ක දීමනාව ලබා දීම සඳහා ජනාධිපති අරමුදල රුපියල් 1,925,010,000.00 ක මුදලක් වෙන් කර තිබේ.
පීඩාකාරී "දිට්වා" සුළි කුණාටුවට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව වෙත, එක්සත් ජනපද රජය විසින් සපයන ලද ත්‍යාගශීලී මානුෂීය සහාය වෙනුවෙන් ස්තුතිවන්ත වෙමින් නිදහස ජන සභාව නායක ඩලස් අලහප්පෙරුම ඇමරිකානු ජනාධිපතිවරයා වෙත ස්තුති ලිපියක් නිකුත් කර ඇත.
ආපදාවෙන් විපතට පත් වූ පවුල් 15,000ක් සුරක්ෂා මධ්‍යස්ථාන ස්ථාන 515ක තවමත් රැදී සිටින බව වාර්තා වේ.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදුවන හානි අවම කිරීම සඳහා පූර්ව සැලසුම් ක්‍රියාත්මක නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මහනුවර ප්‍රදේශයේ නීතිඥවරයෙකු වූ කීර්ති බණ්ඩාර කිරිදෙන ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම කරුණු සලකා බැලීම සඳහා ඔක්තෝබර් 30 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය.
නොවැම්බර් මස අග භාගයේදී ශ්‍රී ලංකාවට කඩාවැදුණු 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නාය යෑම් නිසා මෙරට රැකියා නියුක්තිකයන් 374,000කට පමණ සිය ජීවනෝපාය අහිමි වී හෝ දැඩි බලපෑමකට ලක්ව ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) පවසයි.
දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ පුද්ගලයින් 200කට පමණ ජීවත් වීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් නිවාස ඉදිකිරීමට කටයුතු සැලසුම් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී. ඒ. පී. ධනසූරිය පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

