ප්‍රේෂණ එන්නේ මොන රටවල්වලින්ද?

ප්‍රේෂණ එන්නේ මොන රටවල්වලින්ද?

පසුගිය වසර මැද ලංකාව ආර්ථික අර්බුදයේ පතුළේ කිමිදෙමින් සිටියදී රටට එන විදේශ ප්‍රේෂණ අඩුවීම විශාල ලෙස කතාබහට ලක් වුනා. මේ පිළිබඳ අදහස් දක්වමින්, එක්තරා අවස්ථාවකදී මහ බැංකු අධිපතිවරයා විසින් ප්‍රකාශ කර සිටියේ ප්‍රේෂණ පිළිබඳ පෙර ඇස්තමේන්තු නිවැරදි නැති බවයි. එම පෙර සංඛ්‍යාලේඛණ අධිතක්සේරුවක් බව සඳහන් කළ ඔහු ප්‍රේෂණ පිළිබඳ වඩා නිවැරදි තොරතුරු ලබා ගැනීම සඳහා වානිජ බැංකු සමඟ සාකච්ඡා කර යාන්ත්‍රණයක් සකස් කර ඇති බවද පැවසුවා.

ඉහත සඳහන් කළ අලුත් යාන්ත්‍රනය හරහා මේ වන විට මහ බැංකුව විසින් වසරක දත්ත එකතු කරගෙන තිබෙනවා. ඒ අනුව, 2022 අවසන් කාර්තුවේ සිට 2023 තෙවන කාර්තුව දක්වා වසරක කාලය තුළ ලංකාවට ලැබී තිබෙන ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,560.5ක්. ඒ පහත පරිදියි.

2022 සිවුවන කාර්තුව - ඩොලර් මිලියන 1,215.4
2023 පළමු කාර්තුව - ඩොලර් මිලියන 1,413.2
2023 දෙවන කාර්තුව - ඩොලර් මිලියන 1,409.4
2023 තෙවන කාර්තුව - ඩොලර් මිලියන 1,522.5

පසුගිය වසරක කාලයේ ප්‍රවණතා අනුව 2023 සිවුවන කාර්තුව තුළ ඩොලර් මිලියන 1,600 ඉක්මවන ප්‍රේෂණ ප්‍රමාණයක් ලංකාවට ලැබේයැයි ඇස්තමේන්තු කළ හැකි අතර ඒ අනුව 2023 වසර තුළ ඩොලර් බිලියන 6කට ආසන්න ප්‍රේෂණ ප්‍රමාණයක් ඉලක්ක කළ හැකියි.

ඉහත සඳහන්, 2023 සැප්තැම්බර් දක්වා වූ වසරක කාලය තුළ ලංකාවට ලැබුණු ඩොලර් මිලියන 5,560.5ක ප්‍රේෂණ ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් පමණම, එනම් ඩොලර් මිලියන 3,635.4ක්ම, ලැබී තිබෙන්නේ රටවල් අටකින්. පහත තිබෙන්නේ එම රටවල් අටයි.

  1. කුවේට් - ඩොලර් මිලියන 612.7
  2. කටාර් - ඩොලර් මිලියන 564.6
  3. එක්සත් අරාබි එමීර් රාජ්‍යය - ඩොලර් මිලියන 523.7
  4. සවුදි අරාබිය - ඩොලර් මිලියන 494.6
  5. ඇමරිකා එක්සත් ජනපදය - ඩොලර් මිලියන 433.8
  6. දකුණු කොරියාව - ඩොලර් මිලියන 384.7
  7. එක්සත් රාජධානිය - ඩොලර් මිලියන 312.3
  8. ඉතාලිය - ඩොලර් මිලියන 309.0


FB IMG 1701936688069

ඉකොනොමැට්ටා ෆේස්බුක් පිටුවෙනි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න