ගෑස් හිඟයි : යළිත් මිල ඉහළ දැමීමට ඉල්ලීමක් !

ගෑස් හිඟයි : යළිත් මිල ඉහළ දැමීමට ඉල්ලීමක් !

නැවතත් දිවයින පුරා ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් හිඟයක් මතුව ඇති බවට පාරිභෝගිකයින් චෝදනා කරයි.

විශේෂයෙන් ලාෆ් සහ ලිට්‍රෝ ගෑස් අලෙවි සැල් ආශ්‍රිතව ගෑස් නැති බව නිතර ඒවායේ කාර්‍ය මණ්ඩල පවසයි. නැවත ගෑස් ලබාගන්නට හැකි දිනයක් විමසුවත් ඔවුන් ඊට නිසි පිළිතුරක් දීමට අසමත් ය.

මේ හේතුවෙන් පාරිභෝගිකයන් අසරණ වී ඇති අතර ඔවුන් චෝදනා කරන්නේ, මේ වන විට දෛනික අවශ්‍යතාවන් සපුරා ගැනීමට හෝ අදාළ ගෑස් සමාගම් දෙකේම ගෑස් සැපයුම ප්‍රමාණවත් නොවන බවටයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපතිවරයා පවසා ඇත්තේ , මේ වන විට සිය සමාගම ගෑස් ආනයනය සඳහා අවශ්‍ය ණයවර ලිපි විවෘත කර තිබුණ ද, ඒ සඳහා මෙරට වාණිජ බැංකු සතුව ඩොලර් නොමැතිකම හේතුවෙන් අදාළ ප්‍රමාදය මතුව ඇති බවයි.

කෙසේ වෙතත් මෙම අර්බුදකාරී තත්ත්වය යටතේ වුව ද දිනකට ගෑස් ටොන් 300ත් 400ත් අතර ප්‍රමාණයක් දිවයින පුරා බෙදා හරින බව ඔහු පැවසූ බව ආණ්ඩු හිතවාදී ලීඩ් නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

අදාළ පුවත අනූව මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වැගපිටිය සඳහන් කර පවත්නා තත්ත්වය යටතේ අවම තරමින් මෙරට වාණිජ බැංකු හරහා ණයවර සහතික හෝ ලබා ගැනීමට සිය සමාගම උත්සාහ දරමින් සිටින බවයි.

මේ අතර ලිට්‍රෝ ගෑස් සැපයීමේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සමාගමේ ප්‍රකාශකයකු සඳහන් කර ඇත්තේ , සිය සමාගම අඩුවකින් තොරව ගෑස් සැපයුම අඛණ්ඩව සිදුකරගෙන යන බවයි.

කෙසේ වෙතත් ඔවුන්ගේ තරගකාරී සමාගම වන ලාෆ්ස් සමාගමේ මතුව ඇති ගෑස් සැපයුම අඩු වීම හේතුවෙන් සිය සමාගමේ නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති බව පවසා ඇත.කෙසේ වෙතත් අඩුවකින් තොරව ගෑස් සැපයුමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු වැඩිදුරටත් කියා ඇත.

මේ අතර ලාෆ් සමාගම විසින් තමා සමාගමෙන් බෙදාහරින ගෑස් වල මිල නැවතත් ඉහළ නැංවීම සඳහා අවසර ඉල්ලා තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරියෙන් මෙම ඉල්ලීම කර ඇති බව සමාගම සදහන් කලේය. එම සමාගම විසින් මීට පෙර ආසන්න අවස්ථා දෙකකදීම ගෑස් මිල වැඩි කිරීමට කටයුතු කරන ලදී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න