Language Switcher

V2025

මාලදිවයින් ආරක්ෂක අංශය පාර්ලිමේන්තුව වටලයි

මාලදිවයින් ආරක්ෂක අංශ සාමාජිකයින් පාර්ලිමේන්තුව වට කර විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විපක්ෂ ක්‍රියාකාරීන් නිදහස් කිරීමට අධිකරණය ලබා දුන් නියෝගය ක්‍රියාත්මක නොකිරීමෙන් මාලදිවයිනේ දේශපාලනික අර්බුදය උග්‍ර වී ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

 දැනට අත්අඩංගුවේ සිටින විපක්ෂ නායකයින් 09 දෙනෙකු නිදහස් කර ඔවුන්ට එරෙහි නඩු විභාග යළි පවත්වන ලෙස පසුගියදා මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

කෙසේ වෙතත් මෙම තීන්දුවට අනුව මෙතෙක් මාලදිවයින් ආණ්ඩුව ක්‍රියාකර නොමැත.

මෙම තත්ත්වය තුළ මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යාමීන් ධූරයෙන් ඉවත්කිරීමට එරට ශ්‍රේෂඨාධිකරණය සූදානම් වන බවත් අධිකරණයේ නියෝගයට අනූකූලව කටයුතු නොකරන ලෙසත්, එරට නීතිපතිවරයා ආරක්ෂක අංශවලින් ඉල්ලා තිබේ.