ලිංගික අපයෝජන චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවූ ඇමරිකානු ජාතික ජිම්නාස්ටික් කණ්ඩායමේ හිටපු වෛද්‍යවරයා වූ ලැරී නසාර්ට වසර 175 ක සිර දඬුවමක් මිචිගන් අධිකරණය විසින් ලබාදී තිබේ.
ඔහුට එරෙහිව නඩු විභාගය පුරා දින 7ක් මුළුල්ලේ පැවති අතර, එහිදී වින්දිත කාන්තාවන් 156 දෙනෙකු ඔහුට විරුද්ධව සාක්ෂි ලබාදී තිබුණි.
ඒ අතර පසුගිය වසරේ ඔලිම්පික රන් පදක්කම් හතරක් දිනු සයිමන් බයිල්ස් ඇතුළු තවත් ඔලිම්පික් පදක්කම් ලාභී ක්‍රීඩිකාවන් රැසක් සිටියි. ඔවුන් සෑම කෙනෙක්ම කියා සිටියේ ලැරී නසාර් විසින් වෛද්‍ය ප්‍රතිකාර සහ ශරීර පරික්ෂාවේ මුවාවෙන් ඔවුන්ට ලිංගික අතවර සහ ලිංගික හිංසාවන් කරන ලද බවයි.
පනස් හතර හැවිරිදි ලැරී නසාර්ගේ පරිගණකයේ ළමා ලිංගික අපයෝජනයන්ට අදාළ ජායාරූප පැවතීම හේතුවෙන් පසුගිය දෙසැම්බර් මාසයේදී සිරගත කෙරිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
