Language Switcher

V2025

ඇමරිකා ෆස්ට්" තීරුබදු ආසියාවට බලපාවිද?

ආනයනික රෙදි සේදුම් යන්ත්‍ර සහ සූර්ය කෝෂ සම්බන්ධයෙන් වන මතභේදයට තුඩු දී ඇති තීරුබදු සඳහා ඇමරිකාවේ අනුමැතිය හිමිව තිබේ.

ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉහත කී පියවර ගනු ලැබ ඇත්තේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ "ඇමරිකාව පළමුව" (America First) යන ප්‍රතිපත්තිය අනුව යමින්ය.

විදේශීය තරගකරුවන්ගෙන් දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කර ගැනීම ඉහත කී වෙළඳ ප්‍රතිපත්තියේ අරමුණ වී තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශකයෙකු කියා සිටියේ ට්‍රම්ප් පාලනය "සෑම විටම ඇමරිකානු සේවකයන්, ගොවීන්, ගොවිපල හිමිකරුවන් සහ ව්‍යාපාරිකයන් ආරක්ෂා කරනු ඇති" බවය.

මේ අතර ඉහත කී තීරුබදු වැඩි වශයෙන්ම බලපාන චීනය සහ දකුණු කොරියාව එකී පියවර විවේචනයට ලක් කරති.

කෙසේ නමුත් වෙළද ක්ෂේත්‍රයට බලපාන තවත් ක්‍රියාමාර්ග ඉදිරියේ දී ගනු ඇති බව ඇමරිකානු බලධාරීහු පවසති.

"ඇමරිකානු නිෂ්පාදකයන්ගේ ආරක්ෂාව"
 99707508 hi043540410
තීරුබදු හඳුන්වා දීමේ පුවත සම්බන්ධයෙන් චීනය සහ දකුණු කොරියාව කෝප සහගත ප්‍රතිචාරයක් පළ කරති

"අපේ නිෂ්පාදනම සකසන, අපේ සමාගම් සොරා ගන්න සහ අපේ රැකියා විනාශ කරන" රටවලින් ඇමරිකාව ආරක්ෂා කර ගන්නා බවට වසරකට පෙර පැවති සිය දිවුරුම් දීමේ උත්සවයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා දුණි.

ඉහත කී තීරුබදු සඳහා අනුමැතිය ලබා දීම ජනාධිපති ට්‍රම්ප් විසින් එරට වෙළඳ ගණුදෙනු සම්බන්ධයෙන් ගනු ලැබූ සුවිශේෂී පියවරක් ලෙස සැලකේ.

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ වෛද්‍ය වාර්තාව

සූර්ය කෝෂ සඳහා පනවන ලද තීරුබදු දේශීය නිෂ්පාදන සඳහා පනවා ඇති බදුවලට වඩා අඩු අගයක් ගනු ඇති බවට බලාපොරොත්තු පළ වුවද රෙදි සේදුම් යන්ත්‍ර සහ අමතර කොටස් සඳහා පනවා ඇති තීරු බදු බලාපොරොත්තු වුවාට වඩා ඉහළ අගයක් ගනු ඇති බව වාර්තා පෙන්වා දෙයි.

දකුණු කොරියාව සහ මෙක්සිකෝ සිට මිලෙන් අඩු උපකරණ සහ උපාංග ආනයනය කරනු ලැබීමෙන් ආරක්ෂා වීම සඳහා උත්සාහ කරමින් සිටි ඇමරිකානු නිෂ්පාදකයෙකු වන 'Whirlpool' සමාගම තීරුබදු පැනවීම සඳහා අනුමැතිය ලබා දීම පිළිබඳ සතුට පළ කර තිබේ.

චීනයේ සහ දකුණු කොරියාවේ ප්‍රතිචාරය
 99483279 mediaitem99468798
"ඇමරිකානු නිෂ්පාදන නිර්මාණය කරන, ඇමරිකානු සමාගම් සොරකම් කරන සහ ඇමරිකානු රැකියා විනාශ කරන" රටවලින් ඇමරිකාව ආරක්ෂා කර ගන්නා බව ජනාධිපති ට්‍රම්ප් පවසයි

මේ අතර සූර්ය කෝෂවල මිල ඉහළ යාම එරට ක්‍රියාත්මක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට අයහපත් අයුරින් බලපානු ඇති බවට පරිසරවේදීහු තර්ක කරති.

තීරුබදු හඳුන්වා දීමේ පුවත සම්බන්ධයෙන් චීනය සහ දකුණු කොරියාව කෝප සහගත ප්‍රතිචාරයක් පළ කරති.

අදාළ තීරුබදු "අසාධාරණ" බව පවසන දකුණු කොරියාව කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ලෝක වෙළඳ ආයතනයට පැමිණිලි කරන බවය. රෙදි සේදුම් යන්ත්‍ර වෙළඳපොල තුළ 'Samsung' සහ 'LG' වැනි දකුණු කොරියානු සමාගම් ඇමරිකාවේ 'Whirlpool' වැනි සමාගම් සමග තරග කරති.

මේ අතර ලොව විශාලතම සූර්ය කෝෂ නිෂ්පාදකයා වන චීනය කියා සිටියේ ඉහත කී ක්‍රියාමාර්ගය හේතුවෙන් ගෝලීය වෙළඳපොළට තවත් බලපෑම් එල්ලවනු ඇති බවය.