පුටින් අධික ශීතල ජලයේ ස්නානය කිරීමට හේතුව හෙළිවේ

පුටින් අධික ශීතල ජලයේ ස්නානය කිරීමට හේතුව හෙළිවේ

රුසියානු ජනාධිපති ව්ලදීමීර් පුටින් පසුගියදා අධික ශීත දියේ ගිලී ස්නානය කරන අයුරු දැක්වෙන ජායාරූප සහ වීඩියෝ විදෙස් මාධ්‍ය පළ කර තිබුණි.

රුසියානු ජනාධිපතිවරයා මෙලෙස අධික ශීතල වතුරේ ගිලී ස්නානය කරනු ලැබුවේ රුසියානු ඕතඩොක්ස් කිතුනු ආගමික වතාවත්වලට අනුව ප්‍රාදූර්භාවය (Epiphany) අනුස්මරණය කරමින් රුසියානුවෝ අධික ශීත දියේ ගිලී ස්නානය කිරීමේ සිරිත අනුගමනය කරමිනුයි.

 එම ආගමික වතාවත්වල අරමුණ වන්නේ ජේසුස් වහන්සේගේ බෞතිස්මය සනිටුහන් කිරීමයි.

පුටින් මාර්තු 18 දින පැවැත්වෙන මැතිවරණයේදී නැවතත් ජනාධිපති තනතුර සඳහා තරඟ වැදීමට නියමිතය. මේ දිනවල ඔහු මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නියැලෙමින් සිටියි. පුටින්ගේ මෙම ආගමික භක්තියේ අරමුණ රුසියානු ඕතඩොක්ස් කිතුනු ආගමික ජනතාවගේ කැමැත්ත ලබාගැනීම විය හැකි බවට මත පළව තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න