තුර්කි හමුදාව සිරියාවට ඇතුළු වෙයි

තුර්කි හමුදාව සිරියාවට ඇතුළු වෙයි

තුර්කි පාබල හමුදාව කුර්දි ගරිල්ලන්ට අයත් ප්‍රදේශ මුදාගැනීමේ අරමුණින් ක්‍රියාත්මක Ankara ව්‍යාපාරයේ කොටසක් ලෙස උතුරු සිරියාවේ එෆ්‍රින් (Afrin) කලාපයට ඇතුල් වූ බව තුර්කි අගමැතිවරයා සනාථ කර තිබේ.

සිරියාව අභ්‍යන්තරයේ කිලෝමීටර් තිහක (30) ආරක්ෂක තීරයක් නිර්මාණය කර ගැනීම තුර්කියේ සැලසුම වී ඇති බවද ඔහු පෙන්වා දී ඇත.

එහෙත් YPG කුර්දි කැරලිකරුවන් කියා සිටින්නේ තම සංවිධනය ප්‍රතිප්‍රහාර එල්ල කරමින් තුර්කි හමුදා එෆ්‍රින් (Afrin) කලාපයෙන් පසුබස්වන ලද බවය.

එහෙත් තුර්කි අගමැති බිනාලි යිල්දිරීම් මීට පෙර අදහස් දක්වමින්,සිය පාබල හමුදා සිරියානු භූමියට ඇතුල්වීමේ ඉඩකඩ කල්තබාම ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණි.

IS ප්‍රහාරකයන්ට එරෙහිව සටන් වදින කුර්දි YPG සන්නද්ධ ව්‍යාපාරය ඇමෙරිකා එක්සත් ජනපදයේ සහයෝගය ලබන්නකි. එවැනි තත්වයක් පවතිද්දී එක්සත් ජනපදයත් සමඟ දැනටමත් පවතින ගැටුම්කාරී සබඳතා තවත් අනතුරුදායක තත්වයකට තල්ලු කළ 'අන්කාරා' පාලනය කුර්දි විරෝධී යුද සැලසුම සෙනසුරාදා ප්‍රකාශයට පත් කළේය.

සෙනසුරාදා රාත්‍රියේ කිලිස් (Kilis) නගරයට එල්ල වූ ප්‍රහාරවලදී කිසිවකුට හානි සිදු වී නැති බව තුර්කිය පවසයි.මේ අතර තුර්කි ප්‍රහාර මගින් එෆ්‍රින් (Afrin) නගරයේ සාමාන්‍ය වැසියන් ද ඇතුළුව නව දෙනකු මරණයට පත්ව ඇති බව කුර්දි YPG සන්නද්ධ ව්‍යාපාරය පවසා තිබුණි.

ඊයේ (ජනවාරි 21) සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද් තුර්කිය සිය රට තුළට ඇතුල්වීම හෙළා දැක තිබුණි. මේ අතර ප්‍රංශ විදේශ ඇමති Jean-Yves Le Drian එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවන ලෙස ඉල්ලා ඇති බවද වාර්තා වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න