චීන මුහුදේ නැව් දෙකක් ගැටෙයි : 32ක් අතුරුදහන්

චීන මුහුදේ නැව් දෙකක් ගැටෙයි : 32ක් අතුරුදහන්

චීන මුහුදේ නෞකා දෙකක් ගැටී සිදුවූ අනතුරකින් එක් නෞකාවක සේවය කළ තිස් දෙකකින් යුතු කාර්යමණ්ඩලය අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එම වාර්තාවල සඳහන් වන ආකාරයට මෙසේ අනතුරට පත්ව ඇත්තේ ඉන්ධන ප්‍රවාහනය කල නෞකාවක් සහ භාණ්ඩ ප්‍රවාහනය කල නෞකාවක් වන අතර එම අනතුරින් පසුව ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ නෞකාව ගිනිගෙන ඇත.

චීන මුහුදේ සිදුවූ මෙම අනතුරින් අතුරුදහන්වූ නෞකා කාර්යමණ්ඩලය සොයා චීන ජීවිතාරක්ෂක බලකා විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බවත් ඒ සඳහා නෞකා 8ක් යොදවා ඇති බවත් එම වාර්තා සඳහන් කර සිටියි.

අනතුරට පත් නෞකා දෙක අතුරින් භාණ්ඩ ප්‍රවාහනය කළ නෞකාවේ සිවය කළ විසි එක් දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලය බේරාගැනීමට චීන ජීවිතාරක්ෂක කණ්ඩායම් සමත්ව ඇත.

මේ වන විට දකුණු කොරියාවද සිය වෙරළාරක්ෂක හමුදා අනතුරු වූ පෙදෙසට යොමුකර ඇති අතර අතුරුදන්වූවන් අතර ඉරාන ජාතිකයින් 30 දෙනෙකු සහ බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු ද වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඉන්ධන රැගත් නැව පැනමා දේශයේ ලියාපදිංචි එකක් වන අතර ඉන්ධන ටොන් 136,000ක් රැගෙන ඉරානයේ සිට දකුණු කොරියාව බලා යාත්‍රා කරමින් තිබියදී නෞකාව මෙම අනතුරට මුහුණ දී ඇත.

අනෙක් නෞකාව අමෙරිකාවේ සිට දකුණු චීනය දක්වා ටොන් 64,000ක බරකින් යුත් ධාන්‍ය තොගයක් රැගෙන යාත්‍රා කරමින් සිට ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ සියලු කාර්ය මණ්ඩලය චීන ජාතිකයින් වන බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න