බංග්ලාදේශ එක්දින ක්‍රිකට් නායක මෂ්රෆී මොටාසා එරට පාර්ලිමේන්තු මැතිවරණය ජයගනිමින් බංග්ලාදේශයේ පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ සමඟ අවාමි ලීගය නියෝජනය කරමින් මැතිවරණය ජයග්‍රහණය කළ අය අතර බංග්ලාදේශ පළමු ටෙස්ට් නායක නයිමූර් රහමාන්, බංග්ලාදේශ ක්‍රිකට් සභාපති නස්මුල් හසන්ද වෙයි.
මොටාසා ගේ ජයග්‍රහණයේ විශේෂත්වය වන්නේ ක්‍රිකට් පිටියේ ක්‍රියාකාරීව ක්‍රිඩා කරමින් සිටින විට එරට පාර්ලිමේන්තුවට පත්වූ පළමු ක්‍රිකට් ක්‍රීඩකයා වීමය.
ඊයේ (31) ප්‍රථිඵල නිකුත් වූ බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයේදී සිය ආසනයෙන් 96%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට මොටාසා සමත්විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
