Language Switcher

V2025

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ප්‍රශ්න ඇසූ සීඑන්එන් මාධ්‍යවේදියාගේ ධවල මන්දිර පිවිසුම අත්හිටුවයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග උණුසුම් වාදයක පැටළුණු CNN රූපවාහිනියේ ප්‍රධාන වාර්තාකරුවෙකුගේ මාධ්‍ය අවසර පත්‍රය අත්හිටුවීමට ධවල මන්දිරය පියවර ගෙන තිබේ.

බදාදා (07) ඇතිවූ එම උණුසුම් වචන හුවමාරුව අතරතුර CNN මාධ්‍යවේදී ජිම් ඇකොස්ටාගේ මයික්‍රෆෝනය ලබා ගැනීමට ධවල මන්දිරයේ නිලධාරිනියක් උත්සහ කළාය.

එහෙත්, ඇමෙරිකානු මාධ්‍ය ලේකම් සේරා සෝන්ඩර්ස් පැවසුවේ, අදාළ වාර්තාකරු "තරුණ කාන්තාවකට අත තැබූ හෙයින්," ඔහුට ධවල මන්දිරයට පිවිසීමට දී තිබූ අවසරය අවලංගු කළ බවය.

කෙසේ වෙතත්, ජිම් ඇකොස්ටා ට්විටර් පණිවුඩයක් මගින් පවසා ඇත්තේ, සේරා සෝන්ඩර්ස් "බොරු" කියන බවය.

jimබදාදා (07) පැවති එම මාධ්‍ය හමුවේදී, ඩොනල්ඩ් ට්‍රම්ප් එම මාධ්‍යවේදියා හැඳින්වූයේ, "අචාරශීලීත්වයක් නැති, නරක පුද්ගලයෙකු" ලෙසය.

මෙම උණුසුම් වචන හුවමාරුව අතරතුර අදාළ මාධ්‍යවේදියා ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දෙවන ප්‍රශ්නය ඇසීමට උත්සහ කළ අවස්ථාවේ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල සාමාජිකාවක ඔහුගෙන් මයික්‍රෆෝනය ලබා ගැනීමට තැත් කළාය.

මෙම සිද්ධිය දැක්වෙන වීඩියෝවක් ක්ෂණයකින් අන්තර්ජාලය වෙත මුදා හැර තිබිණි.

ධවල මන්දිරය කීවේ කුමක් ද?

sarh oධවල මන්දිර මාධ්‍ය ලේකම් සේරා සැන්ඩර්ස් නිකුත් කළ ට්විටර් නිවේදනයක දැක්වෙන්නේ, ධවල මන්දිරය "සිය රාජකාරිය ඉටු කිරීමට උත්සහ කළ තරුණියකගේ සිරුරට අත තැබීම කිසිසේත් නොඉවසන," බවය.

"සීඑන්එන් ආයතනය සිය සේවකයගේ හැසිරීම ගැන ආඩම්බර වීම පිළිකුල්සහගත පමණක් නොව, මෙම පරිපාලනයේ සේවය කරන තරුණ කාන්තාවන් ඇතුළු සෑම පුද්ගලයෙකු සම්බන්ධයෙන් ම ඔවුන් ගරුත්වයක් නොදක්වන බවට මෙය නිදසුනක්," ඇය පවසා තිබේ.

"අද ඇතිවූ සිද්ධිය නිසා නැවත දැනුම් දෙන තුරු එම වාර්තාකරුට ධවල මන්දිරය නිකුත් කර තිබූ අවසර පත්‍රය අත්හිටුවනවා."

පසුව මාධ්‍ය ලේකම්වරිය අදාළ සිද්ධියේ සමීප දර්ශන සහිත වීඩියෝවක් පළ කරමින් පවසා තිබුණේ, "මේ වීඩියෝවේ සටහන් වී ඇති ආකාරයේ නුසුදුසු හැසිරීමක් නොඉවසන," බවය.

මේ අතර, තමන්ට ධවල මන්දිර පරිශ්‍රයට ඇතුළු වීම රහස් සේවාව මගින් අවහිර කළ බව 

මාධ්‍ය හමුවේදී ඇත්තට ම මොක ද වුණේ?

jim 2

මධ්‍යම ඇමෙරිකාවේ සිට ඇමෙරිකාව දක්වා සරණාගතයින් විශාල පිරිසක් යෙදෙන ගමන සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් මෑතකදී පළ කළ අදහස් අභියෝග කරමින් ප්‍රශ්න විමසූ අවස්ථාවේ ජනාධිපති ට්‍රම්ප්, ජිම් ඇකොස්ටාට අපහාස වන අයුරින් අදහස් දක්වා තිබිණි.

එම අවස්ථාවේ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල සාමාජිකාවක පැමිණ ඇකොස්ටාගේ මයික්‍රෆෝනය උදුරා ගැනීමට තැත් කර ඇත.

මාධ්‍යවේදියාට අසුන් ගන්නා ලෙසත් මයික්‍රෆෝනය ක්‍රියාවිරහිත කරන ලෙසත් පැවසීමට පෙර, ජනාධිපතිවරයා අදාළ මාධ්‍යවේදියාට "දැන් ඇති, දැන් ඇති" යනුවෙන් පැවසීය.

"ඔබ වැනි අයෙකු සේවයට යෙදවීම ගැන CNN ආයතනය ලැජ්ජා විය යුතුයි," ඩොනල්ඩ් ට්‍රම්ල් පැවසීය.

"ඔබ සේරා හකබී (සැන්ඩර්ස්) ට සලකපු විදිය හරි ම නරකයි."

ප්‍රතිචාරජිම් ඇකොස්ටාගේ ප්‍රවේශ අවසර පත්‍රය අවලංගු කිරීම මාධ්‍යවේදීන් විසින් හෙළා දකිනු ලැබ තිබේ.

ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් සීඑන්එන් ආයතනය පවසා ඇත්තේ, "අභියෝගාත්මක ප්‍රශ්න විමසීම හේතුවෙන් සිය මාධ්‍යවේදියාගෙන් පළිගැනීමක් කර ඇති," බවය.

sara 2"සේරා සැන්ඩර්ස් පවසා තිබෙන්නේ, අසත්‍යයක්," එම නිවේදනයේ දැක්වේ.

"කිසිසේත් සිදු නොවූ සිද්ධි ගැන පවසමින් ඇය අසත්‍ය චෝදනා එල්ල කර තිබෙනවා."

ධවල මන්දිර මාධ්‍යවේදීන්ගේ සංගමය පවසන්නේ, ධවල මන්දිරය ගෙන ඇති තීරණය "අසාධාරණ සහ එකඟ විය නොහැකි" එකක් බවය.

"මේ දුර්වල සහ නොමග යවනසුලු ක්‍රියාව වහා අත්හිටුවන ලෙස අපි ධවල මන්දිරයට බල කරනවා."