Language Switcher

V2025

මාලදිවයිනේ අලුත් ජනාධිපති : ඊබ්‍රාහිම් මොහොමඩ්

මාලදිවයින් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂ අපේක්ෂක ඊබ්‍රාහිම් මොහොමඩ් ජයග්‍රහණය කර ඇති බව මාලදිවයින් මැතිවරණ කොමිසම දන්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම විපක්ෂ අපේක්ෂක ඊබ්‍රාහිම් මොහොමඩ් ජයග්‍රහණය තමන් සතු බව ප්‍රකාශ කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

මේ වනවිට ප්‍රකාශයට  පත් කර ඇති සියයට 92 ක ඡන්ද ප්‍රතිඵලවලින් තමන් වත්මන් ජනාධිපති අබ්දුල් යමීන්ට වඩා සියයට 16 කින් ඉදිරියෙන් පසුවන බවත් ඔහු පවසා ඇත.

මේ වන විට ඡන්දය ගණන් කර අවසන් කර ඇති අතර, මෙතෙක් සිය අවසන් නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කර නොමැති බව මාලදිවයින් මැතිවරණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත.