Image

බලශක්ති අර්බුදය හමුවේ රාජ්‍ය වියදම් සීමා කිරීමට රජයෙන් දැඩි පියවර

බලශක්ති අර්බුදය හමුවේ රාජ්‍ය වියදම් සීමා කිරීමට රජයෙන් දැඩි පියවර

බලශක්ති අර්බුදය හමුවේ රාජ්‍ය වියදම් සීමා කිරීමට රජයෙන් දැඩි පියවර ගෙන ඇති අතර ඉන්ධන දීමනා ද මාර්තු 1 මිලට ස්ථාවර කරමින් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ගේ අත්සනින් යුතුව අද (02) නවතම උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම් අවම කරගැනීම සඳහා රාජ්‍ය වියදම් දැඩි ලෙස කළමනාකරණය කිරීමට රජය තීරණය කර ඇත.

භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ගේ අත්සනින් යුතුව අද (02) නිකුත් කර ඇති නවතම උපදෙස් මාලාවකට අනුව, පවතින රාජ්‍ය මූල්‍ය සීමාවන් තුළ අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යෑම තහවුරු කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.

මේ යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන සංශෝධන කිහිපයක් පිළිබඳව භාණ්ඩාගාරය කරුණු අනාවරණය කර ඇත.

අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු කණ්ඩායම් සඳහා හිමිවන ඉන්ධන දීමනාව, 2026 මාර්තු මස 01 වන දින පැවති ඉන්ධන මිල පදනම් කරගනිමින් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. නැවත දැනුම් දෙන තුරු මෙම දීමනාවල කිසිදු වෙනසක් සිදු නොවන බව ද අවධාරණය කර ඇත.

ඉන්ධන නිකුත් කිරීම සීමා කර ඇති පසුබිමක, බලශක්ති පිරිමැසීමේ අරමුණින් සෑම බදාදා දිනයක් ම රජයේ කාර්යාල නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ඉන්ධන ප්‍රමාණය හෝ මිල පදනම් කරගනිමින් ගෙවනු ලබන වෙනත් ඕනෑම දීමනාවක් සඳහා ද 2026-03-01 දින පැවති මිල ගණන් පදනම් කරගත යුතු බවට උපදෙස් දී ඇත.

දැනටමත් නිකුත් කර ඇති චක්‍රලේඛ සහ උපදෙස් මාලා මගින් හිමිකම් ලබා දී ඇති ඉන්ධන ප්‍රමාණ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ද මෙම නව තීරණ අදාළ කරගත යුතු බව භාණ්ඩාගාර ලේකම්වරයා වැඩිදුරටත් දැනුම් දී සිටී.

You don't have a pdf plugin, but you can download the pdf file.

ජේ.මුණසිංහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න