දකුණු කොරියාවෙන් උතුරු කොරියානු හමුදාවට අනතුරු අඟවන වෙඩි

දකුණු කොරියාවෙන් උතුරු කොරියානු හමුදාවට අනතුරු අඟවන වෙඩි

පලා ගිය සිය සෙබළෙකු පිළිබඳව පරීක්ෂා කිරීම පිණිස දේශසීමාව ආසන්නයට පැමිණි උතුරු කොරියානු දේශසීමා ආරක්ෂක හමුදාවට දකුණු කොරියානු හමුදාව අනතුරු හඟවන වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබේ.

ප්‍රාදේශීය වේලාවෙන් බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 21) පෙ.ව. 08.00 ට පමණ උතුරු කොරියානු සෙබළෙක් යුද මුක්ත කළාපය හරහා දකුණු කොරියාවට පිවිස තිබේ.

ආරක්ෂක මුර කපොල්ලක ඝණ මීදුම අතරින් එම සෙබළා මතු වූ බව දකුණු කොරියානු හමුදාව පවසයි. මේ වසර තුළ උතුරු කොරියාවෙන් පලා ගිය සිව්වන සෙබළා ඔහුය.

බටහිර මධ්‍යම ආරක්ෂක කළාපයේ දී උතුරු කොරියානු භටයන්ට එසේ අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව දකුණු කොරියාවේ ඒකාබද්ධ අණදෙන නිලධාරියාගේ ප්‍රකාශක රො ජෙ-චෙඔන් (Roh Jae-cheon) පැවසීය.

දැඩි මීදුම ප්‍රදේශය වසා පැතිර තිබූ බැවින් පියවි ඇසට පෙනෙන දුර ප්‍රමාණය මීටර් 100කට පමණ සීමා වී තිබූ නමුත්, උතුරු කොරියානු සොල්දාදුවා සිය දේශසීමාවට ඇතුළුවීමත්19 හැවිරිදි වියේ පසුවන බව විශ්වාස කෙරෙන සෙබළා ඇත AK-47 රයිෆලයක් ද තිබුණු බව හමුදාව උපුටා දක්වමින් The Korea Herald පුවත්පත වාර්තා කරයි.

ඒ අවස්ථාවේ දෙපාර්ශවය අතර කිසිදු වෙඩි හුවමාරුවක් සිදු වී නැත.

එහෙත් ඔහුගේ පලා යාමෙන් ස්වල්ප වේලාවකට පසුව උතුරු කොරියානු හමුදා කණ්ඩායමක් දේශසීමාව ආසන්නයටම පැමිණ පලා ගිය තම සෙබළා සොයන හැඩක් නිරීක්ෂණය වූ බව දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ඒ අවස්ථාවේ දකුණු කොරියානු හමුදාව අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාර 20ක් පමණ එල්ලකර තිබේ.

ඊට විනාඩි 40කට පමණ පසු උතුරු කොරියාව දෙසින් වෙඩි හඬ ඇසුනද, දේශ සීමාවෙන් මෙපිටට වැටුණු වෙඩි උණ්ඩ හමුවී නොමැත.

උතුරු කොරියාවෙන් පලායන්නන් අතරින් යුද මුක්ත කළාපය හරහා ගමන් කිරීමේ අවධානම ගන්නේ ඉතාමත් සුළු පිරිසකි.
සමගම එය ආරක්ෂක උපකරණවල සටහන් වූ බව ද ප්‍රකාශකයා මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

ඔහු දැන් "අනතුරක් නොමැතිව ආරක්ෂා සහිතව" අත් අඩංගුවට පසුවන බව ද රො ජෙ-චෙඔන් වැඩිදුරටත් පවසයි.

 99311366 7505165f 1173 44c1 9033 837d8b8842dbලෝකයේ ඉතා ඉහළම මට්ටමින් ආරක්ෂාව සලසා ඇති බිම් තීරුවක්වන දෙරටේ දේශසීමා අතර කළාපයෙහි දෙපසින්ම කටු කම්බි, ආරක්ෂිත කැමාරා, විදුළි වැටක් සහ බිම් බෝම්බ යොදා ඇත.

පසුගිය නොවැම්බර් 13 වෙනි දින පන්මුජොම් (Panmunjom) ග්‍රාමයේ පිහිටි ඒකාබද්ධ ආරක්ෂක කළාපයෙන් පලා ගිය සෙබළාට උතුරු කොරියානු සෙබලු වෙඩි තැබූහ.

දේශ සීමාව දක්වාම ජීප් රථයක් පදවාගෙන පැමිණි එම සෙබළාගේ අරුම පුදුම පලායාම ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබිණ.

උතුරු කොරියානු දේශසීමා ආරක්ෂක භටයන්ගේ වෙඩි වර්ෂාවක් මැද ඔහු දේශ සීමාව හරහා දකුණු දෙසට දිව ගියේය. එහිදී වෙඩි ප්‍රහාර පහකට ලක්වූ සෙබළා දකුණු සීමාවට වන්නට ඇද වැටුණු අතර, දකුණු කොරියානු හමුදා විසින් ඔහු ආරක්ෂිතව බේරාගන්නා ලදි.

මෙම වසරේ ජුනි මාසයේදීත් අවස්ථා දෙකකදී යුධ මුක්ත කළාපය හරහා උතුරු කොරියානු සොල්දාදුවෝ දෙදෙනෙක් දකුණු කොරියාවට පලා ගියහ. 2016 වසරේ වාර්තා වූයේ එවැනි එක් සිදුවීමක් පමණි.

පසුගිය වසර පහ සමග සංසන්දනයේදී, මේ වසරේදී ඍජු ලෙසම දකුණු කොරියාවට පලා ගිය උතුරු කොරියානු පුද්ගලයන් ප්‍රමාණය වැඩි වී ඇතැයි නිල වාර්තා උපුටා දක්වන යොන්හැප් (Yonhap) ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න