ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව චීන මහජන සමූහාණ්ඩුවේ තානාපතිවරයා ලෙස සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා Wei Huaxiang ඊයේ (11) ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
දිවයිනට පැමිණීමෙන් අනතුරුව ගුවන් තොටුපළේ දී විශේෂ නිවේදයක් නිකුත් කිරීමට ද ඔහු පියවර ගත්තා.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම එරට චීන ව්‍යවසායන්හි සහ ශ්‍රී ලංකා-චීන මිත්‍රත්ව සංවිධාන මෙන් ම ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඇතුළු ආයතන රැසක නියෝජිතයින් සහ එරට වෙසෙන චීන ජාතිකයින් ද නව තානාපතිවරයා පිළිගැනීම වෙනුවෙන් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

දිනූෂි ධීරසිංහ - (චීන පුවත් සේවය)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
